අති විශාල ඇමැති මණ්ඩලයට එරෙහිව සජබ යෝජනාවක් සම්මත කරයි

0
15

අති විශාල ඇමැති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව විරෝධය පළ කිරීමේ යෝජනාවක්   සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව ඊයේ (08දා) සම්මත කර ඇත. මේ අතර පත්කළ අති විශාල ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි බවත් එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

නාස්තිකාර තත්ත්වය පිළිබඳව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමැති මණ්ඩලය පත්කිරීමෙන් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවද එහි දැක්වේ.

නිර්මාණි ගුණරත්න