බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට: රාජකීය පවුලේ සාමාජිකයෝ එක් රැස්වෙති

0
558

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රාජකීය වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඇය මේ වන විට බැල්මොරල්හි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව බකිංහැම් මාලිගය සඳහන් කර ඇත.

“අද උදෑසන සිදු කළ වැඩිදුර වෛද්‍ය අධීක්ෂණයෙන් පසු, රැජිණගේ වෛද්‍යවරුන් ඇයට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙස නිර්දේශ කර ඇත,” බකිංහැම් මාලිගය ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පුවත සැලවීමත් සමග රාජකීය පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ වන විට බැල්මොරල් වෙත පැමිණ ඇති බව ත් සෙසු සාමාජිකයින් ඒ වෙත පැමිණෙමින් සිටින බව ත් ය.

ඇයගේ වෛද්‍යවරුන් ඇයට විවේක ගන්නා ලෙස උපදෙස් දීමත් සමග මහ රැජිණ බදාදා (සැප්. 7) පැවති ඇගේ ප්‍රිවි කවුන්සිලයේ රැස්වීමකින් ඉවත් වී තිබේ.

ඉන් අනතුරුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බ්‍රිතාන්‍ය මහ රැජිණ මේ වන විට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ඊට ලොව පුරා වැසියන්ගේ අවධානය යොමු වී තිබේ.