රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැඩ භාර ගනියි

0
378

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන දිනිත් චින්තක කරුණාරත්න රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩ භාර ගත්තේ ය.

ඒ, අද (සැප්. 08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ය.

පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් ප්‍රවෘත්ති සම කතෘ ධූරය ද ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජීව විද්‍යා උපාධිධරයෙකි.

එමෙන් ම, ඔහු අමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යායතනයේ සන්නිවේදන විෂය පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරීය.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ද එක්ව සිටියහ.