දමිතා අබේරත්න රිමාන්ඩ්

0
372

රංගන ශිල්පිනී දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇය අද (සැප්. 8) කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්. 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඇය ඊයේ (සැප්. 7) කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී ඇය අත්අඩංගුවට පත් විය.