A 9 මාර්ගයේ බස් පාසල් දරුවන්ට නවත්වන්නේ නෑ

0
7

යාපනය-මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ධාවනය වන බස් රථ කිසිවකට ඕමන්ත සිට කිලිනොච්චිය දක්වා උදෑසන සහ සවස් කාලයේ පාසල් සිසු දරුවන් ඇතුළත් කර නොගන්නා බව පවසමින් එයට විරෝධය පා මවුපියෝ පිරිසක් ඒ-9 මාර්ගය වසා විරෝධතාවක නිරත වූහ.

මාන්කුලම් පණික්කන්කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසී මවුපියන් පිරිසක් සහ පාසල් සිසු දරුවන් පිරිසක් ඉකුත් 05දා සවස ඒ-9 මාර්ගය පණික්කන්කුලම් ප්‍රදේශයෙන් අවහිර කරමින් විස¾දුම් ඉල්ලා සිටියහ.

විරෝධතාවයේ නිරත දෙමවුපියන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘මාසයකට ආසන්න කාලයක් පුරාවට මෙම ගැටලුව බලධාරීන්ට පවසා සිටියද මේ වනතුරුත් විස¾දුමක් නොලැබුණු බවටත්, බස් රථ සිසු දරුවන්ට නොනැවැත්වීම හේතුවෙන් සිසු දරුවන් විශාල පිරිසක්ට පැය කිහිපයක් උදෑසන කාලයේදී ඉගෙනීම් අහිමි වන අතරම සවස් කාලයේදී පැය දෙකක් හෝ තුනක් ප්‍රමාද වී නිවෙසට පැමිණීමට සිදුව ඇති බවත්ය. ලංගම සහ පෞද්ගලික බස් දෙවර්ගයම මෙම පියවර ගන්නා බැවින් පාසල් දරුවන් වෙනුවෙන් වෙනම බස් සේවාවක් ලබාදෙන ලෙසට අදාළ මවුපියන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

 ගැටලුව සමබන්ධයෙන් උතුරු පළාත් පෞද්ගලික හා ගමනාගමන මණ්ඩල නිලධාරීන් සමඟ සාකච්ඡා කොට කඩිනම් විස¾දුමක් ලබාදෙන බවට පොලිසිය පොරොන්දුවීමෙන් අනතුරුව විරෝධතාව නතර කිරීමට පියවර ගෙන තිබිණි.

මුලතිව් – ශෂිකුමාර්