පියාගේ මෝටර් රථයේ ගැටී දෙහැවිරිදි දියණිය ජීවිතක්ෂයට

0
474

තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර්ගයේදී නවතා තිබූ වෑන් රථයක් පිටුපසට ගැනීමේදී එහි ගැටී වයස අවුරුදු 2ක දැරියක ජීවිතක්ෂයට පත් ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, නිවස ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුළු කිරීමට පිටුපසට ගැනීමේදී මෙම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මිය ගිය දැරිය වෑන් රථ රියැදුරාගේ දියණිය වන අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.