හොරණ තක්ෂිලා-හික්කඩුව ශ්‍රී  සුමංගල අවසන් තරගය අද

0
9

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (8) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී මෙවර ශූරතාව දිනා ගැනීමට ඔමලික අමරසිංහගේ නායකත්වයෙන් යුත් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සමඟින් ෂොහාන් ඉෂිවරගේ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය තරග වදියි.

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාල සංචිතය: ඔමලික අමරසිංහ (නායක), දුල්වින් දහනායක, සමිත් ශාවින්ද, සනුත් පෙරේරා, ආදිත්‍ය රශ්මිඳු, ජනිෂ් කුමාර, මිහින් නෙත්සර, අකිල ශළිඳු, රිද්ම ශෂිකිරණ, ටෙනූෂ තත්සර, ඉෂාර ලක්දීප, තීක්ෂණ කරුණාමුණි, නවාංජන දීමන්ත, දිමාත් රනුෂ්ක, පී.ඒ. යද්දෙහිගේ (කණ්ඩායම් භාර ආචාර්ය), ලසන්ත ගමගේ (කණ්ඩායම් භාර ආචාර්ය), ඩී.එම්. දිසානායක (ප්‍රධාන පුහුණුකරු), උදාර මද්දුමගේ (සහාය පුහුණුකරු) 

ශ්‍රී සුමංගල විද්‍යාල සංචිතය: ෂොහාන් ඉෂිවර (නායක), කෞශල්‍ය සාරංග, යසිරු මිහිසර, මහික වික්‍රමතිලක, හිරුෂ් බණ්ඩාර, ඔමික තේසිත්, ජෙහාන් මතීෂ, ප්‍රමෝද් නිම්සර, ශාක්‍ය කරන්නගොඩ, ජමිත් මධුභාෂණ, දෙනෙත් ආලෝක, සෙනිත දිනුදික, විහඟ නිම්සර, දෙවග සෙත්ගේ, කැළුම් ප්‍රියදර්ශන (කණ්ඩායම් භාර ආචාර්ය), එල්. දිසානායක (පුහුණුකරු)

ඉෂාන් රශ්මිත