ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් පිල 11දා තරග බිමට

0
10

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ්’ විස්සයි 20 ක්‍රිකට්  තරගාවලියේ කාලසටහන එහි සංවිධායකයින් මඟින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් පිල මුහුණදෙන පළමු තරගය 11 වැනිදා ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිල සමඟින් පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම එහි දෙවැනි තරගයේදී 13 වැනිදා ශ්‍රී  ලංකා පිල එංගලන්ත පිල හමුවීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ශ්‍රී  ලංකා පිල 17 වැනිදා තරග වැදීමට නියමිතව ඇත්තේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟිනි.

මේ අතර තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 28 සහ 29 යන දිනවලදීත් අවසන් මහා තරගය ඔක්තෝබර් මස 1 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සියලුම තරග රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතය.

ගමිත දෙහිපිටිය