ශ්‍රී  ලංකා පිලේ සුක්කානම තමෝද්‍යයට

0
22

මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අවුරුදු 17න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ රුසිත් තමෝද්‍යට හිමිවී ඇත.

විද්‍යාලයේ අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට මේ දක්වා සියලු වයස් කාණ්ඩයන් නියෝජනය කර ඇති තමෝද්‍ය විද්‍යාලයේ රග්බි කණ්ඩායමද නියෝජනය කිරීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් තමෝද්‍යගේ වර්තමාන පුහුණුකරු එල්.සී.සිරිසේන මහතා “මව්බිම”ට පැවැසුවේ තමෝද්‍යගේ කැපවීම ඔහු මෙම ස්ථානයට රැගෙන ආ බවත්, ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිලට ඉදිරියේදී ඔහුගෙන් විශාල මෙහෙයක් සිදුවනු ඇති බවත්ය.

සටහන හා ඡායාරූපය – කෝකිල සමීර-මහනුවර