විදුහලේ තිබූ එකම පරිගණකයත් දරුවන්ගේ දිවා ආහාරයට තිබූ දේත් සොරකම් කරලා

0
14

පානදුර දියමන්ති ජුබිලි විදුහලේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ කාමරයක ‍ෙදාර කඩා එහි තිබූ එකම පරිගණකය සහ දරුවන්ට දිවා ආහාරය දීම සඳහා රැගෙන විත් තිබූ හාල්, පොල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පානදුර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පෙරේදා (06දා) දහවල් විදුහල්පතිනියගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ දිනවල පවතින ආහාර ගැටලුව හේතුවෙන් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක් මාස තුනකට ආසන්න කාලයක් සිසු දරු දැරියන්ට දිවා ආහාරය දීම කරන බවත් ඒ සඳහා ගෙනැවිත් තිබූ හාල්, පොල් සහ පොල්තෙල් තොගයක් සහ විදුහල සතු එකම පරිගණකය සහ උපාංග මෙලෙස සොරකම් කර ඇති බවත් සඳහන් වේ.

  ප්‍රධාන කාර්යාලයේ ‍ෙදාර කඩා ඇති බවත් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති පරිගණකය රුපියල් 7000කට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් විදුහල්පතිනිය පැවැසුවාය. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වේ.

පොතුපිටිය – සුමිත් රණවක