ව්‍යාජ බලපත් සකස්කොට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරන් අත්අඩංගුවට

0
15

ව්‍යාජ බලපත් සකස් කොට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරන් අට දෙනකු වැලි ප්‍රවාහනයට යොදාගත් ටිපර් රථ අටක්ද සමඟින් ඊයේ (06දා) අත්අඩංගුවට ගත් බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි.

පොලිසිය පැවැසුවේ වැලි ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් වැලි ප්‍රවාහන බලපත් ව්‍යාජ ලෙස සකස් කොට ඇති අතර සැකකරුවන් බලපත් දින සීමාවන් වෙනස් කොට ඇති බවද පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ටිපර් රථ යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.  

වවුනියාව – එන්. ප්‍රියදර්ශනී, මුලතිව් – ශෂි කුමාර්