මානව හිමිකම් කොමිසම මාරක බෝක්කුව බලන්න යයි

0
39

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු ඊයේ (7දා) කුරුණෑගල වැහැර ප්‍රදේශයට ගොස් අනාරක්‍ෂිත බෝක්කුවක වැටී දියේ ගිලී මියගිය පාසල් දරුවා එම අනතුරට ලක්වූ ස්ථානය නිරීක්‍ෂණය කළහ. ඒ සමඟම මියගිය සිසුවාගේ මවුපියන්ද හමුවී ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටද ඔවුහු එහිදී පියවර ගෙන ඇත.

ඉකුත් පස් වැනිදා ඇදහැළුණු මහවැසි මැද පාසල ඇරී පැමිණි සජිත ගිහාන් ගුණරත්න නමැති 13 හැවිරිදි පාසල් දරුවා අනාරක්‍ෂිත කානුවකට වැටී දියේ ගසාගෙන ගොස් බෝක්කුවක හිරවී මිය ගියේය.

මේ සම්බන්ධව පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙරේදා (06දා) තීරණය කළේය.
එම සිසුවා මියයෑම පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් පැවැත්වීමටත් ඔහුගේ මරණය කවර හෝ අංශයක නොසැලකිල්ල නිසා සිදුවීද යන්න විශේෂයෙන් සොයා බලන බවත් මානව හිමිකම් කොමිසම කියයි.

විනීතා එම්. ගමගේ