බි්‍රතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

0
64

අමෙරිකානු උප ජනපතිනිය ලෙසින් කමලා හැරිස් පත්වීමත් සමඟ ධවල මන්දිරයද  වෙසක් පොහෝ දින ඒකාලෝක විය. බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවට ද ඉන්දියානු සම්භවයක් ඇති සුඑල්ලා බේ්‍රවර්මන් ට්‍රස් අගමැතිනිය විසින් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙසින් පත්කරනු ලැබීමත් සමඟම මෙම ධම්මපදය කතාව ආවේය. සුඑල්ලා ස්වදේශ කටයුතු ලේකම් ලෙස දිවුරුම් දී ඇත්තේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයට අත තබාය. ඊට හේතුව ඇය බෞද්ධ කාන්තාවක වීමය.

අධි නීතිඥවරියක වන සුඑල්ලා හතළිස් දෙහැවිරිදි දෙ‍දරු මවකි.  ඇයට පෙර ඒ ධුරය දැරුවේද ප්‍රීති පටෙල් නම් ඉන්දියානු  සම්භවයක් ඇති දේශපාලනඥවරියය. සුඑල්ලාගේ මව උමාද, හින්දු ආගමික දමිළ ජාතික කාන්තාවකි.

බෞද්ධ කාන්තාවක වූ සුඑල්ලා නිතරම ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට යන්නීය.