නාලන්දා සහ ශා. අන්තෝනි සම ශූරයන් වෙති

0
7

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් වීමට කොළඹ නාලන්දා සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල සමත්වූහ.

කොළඹ තර්ස්ටන් පිටියේදී පැවැති අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ තෙත ස්වභාවය හේතුවෙන් තරගය ප්‍රමාද වී ඇරඹුණු අතර, පළමුවෙන් පන්දුවට පහර දෙමින් ශා. අන්තෝනි විදුහල් පිල පන්දුවාර 39කදී කඩුලු 4ක් පමණක් දැවී රැස්කළ ලකුණු 117ට පිළිතුරු සැපයූ නාලන්දා විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 13ක් රැස් කළේය.

ශාන්ත අන්තෝනි පළමු ඉනිම _ 117/4

(යොහාන් සේනානායක 41, සනුක කල්පන නොදැවී 32, ඔසඳ පමුදිත 15/2, සන්තුල් විජේරත්න නොදැවී 27/2)

නාලන්දා පළමු ඉනිම _ 13/1

ඉෂාන් රශ්මිත