නදීෂාට ත්‍රිත්ව ශූරතා

0
25

ශ්‍රී  ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්‍ෂණය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ උතුරු මැද පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා හිමිකර ගැනීමට නදීෂා ගයාත්‍රි සමත්වූවාය.

එහිදී ඇය විසින් කාවින්දිකා ද සිල්වා සමඟින් විවෘත කාන්තා යුගල ශූරතාව, හසිත චානක සමඟින් මිශ්‍ර යුගල ශූරතාව මෙන්ම අවුරුදු 30න් ඉහළ වයස් කාණ්ඩය යටතේ සහන් ප්‍රදීප් සමඟින් මිශ්‍ර යුගල ශූරතා දිනාගත්තාය.

දින 6ක් පුරා අනුරාධපුර නගර සභා සහ මයික් කුක් ගෘහස්ථ ක්‍රීඩාංගණවලදී පැවැති මෙම තරගාවලියේදී විවෘත පිරිමි ශූරතාව රන්තුෂ්ක සසිඳුට හිමි වූ අතර, විවෘත කාන්තා ශූරතාව නිතරග ජයකින් හිමිකර ගැනීමට පංචාලි අධිකාරිට හැකිවිය.

එසේම විවෘත පිරිමි යුගල ශූරතාව සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක සතුවෙද්දී එහි අනු ශූරතාව දිනුර රෂ්මිකට හා ළහිරු වීරසිංහට හිමිවිය.