තෝරාගත් රාජ්‍ය-පෞද්ගලික ආයතනවල ඉන්ධන කෝටාව ඉහළට

0
9

පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ තෝරාගත් ආයතනවලට මේ සතියේ සිට ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේම සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩවලට එය ලබන සතියේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචනය ඊයේ (07දා) පැවැති අතර එහිදී මෙම තීරණයන්ට එළැඹ ඇත.

එසේම එළැඹෙන සතියේ සිට ඉන්ධන ලබා ගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබා ගත් පිරවුම්හලේ අංකයද නිකුත් කරන අතර එමඟින් වංචනිකව QR කේතය භාවිත කිරීම වැළැක්වීම සිදු වනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.

තවද පිරවුම්හල් හිමියන් වෙත ඊයේ (07දා) සිට ස්වයංක්‍රියව ඉන්ධන නිකුත් කිරීමේ දත්ත ලබාදීම සිදු කරන අතර ඉදිරියේදී මහජනතාවට එම තොරතුරු විවෘත කරනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

චාමර අමරසූරිය