ජා – ඇළදී වැටලූ ‘ස්පා’ එකේ තරුණ කතුන් 8 දෙනෙක්

0
20

ජා – ඇළ දඬුගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන (spa) දෙකක් වටලා එහි සේවයේ යෙදී සිටි කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කිසිදු බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද සම්බාහනය කරන මුවාවෙන් මෙකී මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇත. සම්බාහන මධ්‍යස්ථාන දෙකෙහි සේවයෙහි යෙදී සිටි වයස අවුරුදු 30ත් 45 ත් අතර කාන්තාවන් 08 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කඩවත, සීදුව, කටුනායක යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන සැකකාරියන් විවිධ රැකියා සඳහා යන බව සිය නිවාසවලට පවසා පැමිණ spa මධ්‍යස්ථානවල සේවය කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් 500/= බැගින් දඩ නියම කර ඇත.

ජා – ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය රත්නායක මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසේකර පොලිස් කොස්තාපල් කුමාර (92470), කාන්තා පොලිස් කොස්තාපල් ඉමල්කා (12032) යන නිලධාරීහු උක්ත වැටලීම කළහ.

ජා – ඇළ ප්‍රසංග පාවුළුහේවා