ගුරුකුල-රිච්මන්ඩ් අර්ධ අවසන් පූර්ව තරගය අද

0
12

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (8) කොළඹ ශාන්ත ජෝශප් විදුහල් පිටියේදී පැවැත්වේ. එහිදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කැලණිය ගුරුකුළ විද්‍යාලය සමගින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරග වදියි. තමිඳු ප්‍රදීප්ත ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, දිදුල එෂාන් කැලණිය ගුරුකුල විද්‍යාලය පිල මෙහෙයවයි.

කැලණිය ගුරුකුල විද්‍යාල සංචිතය: දිදුල එෂාන් (නායක), දෙනුර දෙමන්සිත්, තත්සර එෂාන්, පූර්ණ කල්හාර, හිරුණ නිම්සර, තරුෂ දිල්සර, පසිඳු ඩිල්ෂාන්, චමිඳු ඉමන්ත, විදූෂ කෞශල්‍ය, ජනිත් මිහිරංග, හර්ෂණ ජනිත්, දහම් විමුක්ති, මිනිඳු ශාලින්ද, කවිඳු මධුසංක, ඔහස් සඳෙව්, කවිඳු රාජපක්ෂ, සසිඳු කවීෂ, කෙනුල් පේමිත, පුලිත ඔමෙත්, නිශාන්ත අල්විස් (කණ්ඩායම් භාර ආචාර්ය), රශිත දිනේෂ් (ප්‍රධාන පුහුණුකරු), බුද්ධි ප්‍රසන්න (සහාය පුහුණුකරු), කවීෂ නඳුන් (සහාය පුහුණුකරු)

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල සංචිතය: තමිඳු ප්‍රදීප්ත (නායක), යූරි කොත්තිගොඩ, හේලිත එදිරිසිංහ, පුබුදු මිහිරංග, චාරුක ගුණසේකර, අකලංක විතානාරච්චි, ලෙහාන් සුභසිංහ, මලිත පෙරේරා, නවෝද මදනායක, ටිනුර අබේසේකර, මිනුල දිල්මිත්, සකිල ගුණරත්න, චරින්ද කනකරත්න, පියුෂාන් තරීන්, මෙවිනු සෙනුජ, මෙවිඳු සස්මිත, නුවන් ජයසිංහ (කණ්ඩායම් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), උමාල් උදයංග (සහාය පුහුණුකරු), දිනූෂ ජයසිංක (සහාය පුහුණුකරු)

ඉෂාන් රශ්මිත