ගසක එල්ලුණු මළ සිරුරක් ලොග්ගල්ලාඔය රක්‍ෂිත කැලයේ

0
13

ලොග්ගල්ලාඔය රක්ෂිත කැලෑව තුළ තිබී දින කිහිපයකට පෙර ගසක එල්ලී මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් පසුගිය 06 දින සොයාගත් බව පොලිසිය පවසයි.

කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ලොග්ගල්ලාඔය රක්ෂිත කැලෑවේ මීටර් හාරසියයක් පමණ දුරක කුඹුක් ගසක එල්ලී මියගොස් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගන්නා විටත් නරක් වී තිබූ බවද

වාර්තා වේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ දක්වා තහවුරු කරගැනීමට නොහැකි වී ඇති බවත් එම ස්ථානයේ තිබී හමුවූ ජංගම දුරකථනයක් ඔස්සේ මෙම අය හඳුනාගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය කීය.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වන විට බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බදුල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතා ඇතුළු නිලධාරීහු කරති.  

බදුල්ලේ – නිශාන්ත අබේගුණවර්ධන