කරදර දෙන සෙනසුරු මට්ටු කරන බලගතු පූජාවක්

0
73

සෙනසුරු අපල යනු බහුල වශයෙන් බොහෝ දෙනකුට බල පැවැත්වෙන ප්‍රබල අපල ‍ෙදා්ෂ තත්ත්වයකි සෙනසුරු අපල ඒරාෂ්ටක ‍ෙදා්ෂ ඇතිවීම හේතුවෙන් මනුෂ්‍යයාට ජීවිතයේ බොහෝ මානසික පීඩාවන්, අසහනයන්, කරදර බාධක තත්ත්වයන්, අසාර්ථකත්වයන් ඇති වේ. ශනි ‍ෙදා්ෂ හෙවත් සෙනසුරු ‍ෙදා්ෂයන් හේතුවෙන් මානසික පීඩාවන් මෙන්ම කායික දුර්වලතාව, අලස බව, නිදන්ගත රෝග මෙන්ම හදිසි අනතුරුවලටද මුහුණ දීමට සිදුවේ.

සෙනසුරු ‍ෙදා්ෂ නිසා බහුලව සිදුවන හානියක් ලෙස නිතර නිතර නොයෙක් පුද්ගලයන් මුළාවීම්වලට ලක්‌වීමත්, හිසේ වේදනාවත්, අරමුණක්‌ නොමැතිව ජීවත්වන්නන් වාලේ ජීවත් වීමටත්, කිසිදු දියුණුවක් ඇති නොවීමත්, රැකියාවන් නොලැබීම් හෝ තිබෙනා රැකියාවක් සැනසිල්ලේ කර ගැනීමට නොහැකිවී යෑම වැනි බොහෝ අනිටු පලවලට මුහුණු දීමට සිදුවේ. හින්දු පූජා ක්‍රමයන්ට අනුව ශනි අපල ඇති කාලයේදී සෙනසුරු දෙවියන්ට පූජාවන් පවත්වා ශනි දෙවියන් ප්‍රසන්න කර ‍ෙදා්ෂ තත්ත්වයන්ගෙන් මිදිය හැකි බව පිළිගැනේ.

ඒ අනුව,

සෙනසුරු පූජාවක්‌ සිදුකොටගෙන ශනි ‍ෙදා්ෂවලින් මිදී යම් සහනයක් උදාකර ගැනීම සඳහා පහත සඳහන් සරල ශනි දේව පූජාව ඔබට බොහෝ උපකාරී වනු ඇත.

ශනි පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

* සෙනසුරු දෙවියන්ගේ පින්තුරයක්

* සුදු මල් මාලයක්‌

* පිච්ච මල් ටිකක්

* දැහැත් විටක්‌

* එළඟිතෙල් පහන් 02ක්‌

* එළකිරි වීදුරුවක්

* තැඹිලි ගෙඩියක්

* පලතුරු 05ක්‌

* එළකිරෙන් සෑදූ කිරිබත් ගුළි 07ක්‌ සහ බුලත් කොළ 07ක්‌

(කිරිබත් බෝල ආකාරයෙන් අග්ගලා තරමට සාදාගෙන බුලත් කොළ මත තබා ගන්න)

* හඳුන්කූරු, කපුරු, දුම් බෙහෙත්

පූජාව සිදු කරගන්නා ආකාරය

මේ සඳහා සෙනසුරාදා දිනය විශේෂ වන අතර හිමිදිරි උදෑසනම පූජාව ආරම්භ කර හිරු උදාවීමට පෙර පූජාව පවත්වා අවසන් කළ යුතුය. එදිනට පෙර දින සිට ඔබ නිර්මාංසව නා පිරිසුදුව සිටීම වැදගත්ය.

මේ සඳහා නිවෙස තුළ හෝ නිවෙසින් පිට පූජාසනයක් සකසා ගත හැකිය. නිවෙසින් පිට පූජාසනය සාදාගන්නවා නම් වඩාත් හොඳයි. නමුත් එය ඉතාම පිරිසූදු පරිසරයක්‌ විය යුතුමය. ඔබ විසින් සූදානම් කරගත් පූජාසනය මැදින් සෙනසුරු දේව රූපය තැන්පත් කර ඉහත සඳහන් සියලුම පූජා ද්‍රවයන් සෙනසුරු දේව රූපය ඉදිරියෙන් ආසනයේ තබා පූජා කරන්න. සුදු මල් මාලය දේව රූපයට පලඳවන්න.

එළඟිතෙල් එක් පහනක්‌ ශ්‍රී විෂ්ණු දෙවියන් සිහිකර දල්වා පූජා කරන්න, අනෙක් පහන සෙනසුරු දෙවියන් උදෙසා දල්වා පූජා කරන්න. හඳුන්කූරු දුම් අල්ලන්න. දුම් බෙහෙත්වලින් දුම් අල්ලන්න. (ඔබ බෞද්ධයකු නම් මේ පූජාවට ප්‍රථමව බුදුන් වහන්සේ උදෙසා මල් පහන් පුජාකර වන්දනා කර සිටිය යුතුය)

පළමුව බුදුන් වන්දනා කරන්න, මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ජය පිරිත සජ්ජායනා කරන්න! පසුව දේව පූජාසනය වෙත පැමිණ ශනි පූජාව ආරම්භ කරන්න.

පළමුව ගණ දෙවියන් සිහිකර වන්දනා කරන්න.

 ගණපති නමස්කාරය

“ඕම් ගම් ගණපතයේ නම–”    

(03 වරක්)

දෙවැනුව ශ්‍රී විෂ්ණු දෙවියන් සිහිකර වන්දනා කරන්න.

ශ්‍රී විෂ්ණු දේව නමස්කාරය

“ඕම් නමෝ භගවතේ වාසු දේවාය නම–) ///

දැන් සෙනසුරු දෙවියන්ට ඔබේ අවධානය යොමු කොට

පහත ඇති මන්ත්‍ර ස්තෝත්‍ර කියා වන්දනා කරන්න.

ශනි දේව නමස්කාරය

“ඕම් ශනි දේව්‍යයයි නමහක්‌“    

(21 වරක්)

“ඕම් නීලාන්ජන සමාබාසම් රවි පුත්‍රම් යමාග්‍රජම් චායා මාර්තන්ඩ සම්බූතම් තන් නමාමී ශනිශ්චරම්”           

(21 වරක් )

ශනි ගයාත්‍රි මන්ත්‍රය

  “ඕම් කාකත්වජාය විද්මහේ කඩ්ගහස්තායදී මහී තන්නෝ මන්දහ් ප්‍රචෝදයාත”    

(07 වරක්)

දැන් ඔබ සිත එකඟ කරගෙන, වන්දනා කරගෙන මෙසේ කන්නලව් කරන්න.

“නවග්‍රහ දෙවියන් අතරින් මහානුභාව සම්පන්න බලපරාක්‍රමයෙන් යුතු වූ ශනි දේවෝත්තමයාණන් වහන්ස, මා විසින් බොහෝම ගෞරවයෙන් යුතුව ඔබවහන්සේ උදෙසා පූජා කර සිටින මේ සියලු පූජාවන් පිළිගෙන, නොදැන මා විසින් කළා වූ යම් වරදක් අඩුපාඩුවක් ඇති නම් එයට ක්‍ෂමා කොට, මාහට වැලඳී ඇති යම් ශනි අපලයක්, ඒරාෂ්ටකයක්‌, ‍ෙදා්ෂයක්, නීච දෘෂ්ටියක් වේ නම්, ඒ සියලුම ‍ෙදා්ෂ විහද විද්වංෂණය කොට, සියලු බාධක කරදර ‍ෙදාස් දුරුකොට දියුණුව උදා කරදී පිනට පිහිටවී පන් ගන්නා සේක්වා සාධු සාධු සාධු” මෙලෙස කන්නලව් කිරීමෙන් පසුව පූජාසනයේ ඔබ විසින් පූජා කරන ලද කිරිබත් පිඬු 07 කපුටන්ට කෑමට දමන්න.

අවසාන වශයෙන් තමා විසින් බුදුන් වැඳ සෙත් පිරිත් කියා කපුටන්ට කිරිබත් පූජා කළ පින් සිහිකර එම පින ශ්‍රී විෂ්ණු දෙවියන් ප්‍රධාන කර ගනිමින් සෙනසුරු දෙවියන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියා සිතා “ආකාසට්ටාච භුම්මට්ටා” ගාථාව 03 වරක් කියා පින් දී පූජාව අවසන් කරන්න.

ඔබ සැමට ශනි දෙවි පිහිටයි!

ජෙරම් නෙහාර්

(දේවගැති)

ශ්‍රී මහා දුර්ගා මාතා කෝවිල ජා-ඇළ

0761084190 0710190219