‘අඳුරේ සිට ලියමි’ සරසවි දියණියගේ කාව්‍ය සංග්‍රහය ‍ෙදාරට වැටුම පේරාදෙණි සරසවියේදී

0
12

පාසල් අවධියේ සිට පුවත්පත් සඳහා මෙන්ම සමාජ  මාධ්‍යවල පළකළ කවිවලින් තෝරාගත් නිර්මාණ ඇතුළත්  කාව්‍ය සංග්‍රහයක්  “අ¾දුරේ සිට ලියමි” නමින් පේරාදෙණිය සරසවියේ  කෘෂිකර්ම පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන  තෙලිජ්ජවිල මැදි විදුහලේ  ආදි ශිෂ්‍යාවක් වන මදාරා පසඳනී ගුණවර්ධන ප්‍රකාශයට පත්කර ඇත.

ඇයගේ එම කුළුදුල් කාව්‍යමය සංග්‍රහය, ‍ෙදාරට වැඩීමේ උත්සවය සැප්තැම්බර් අටවැනි දින සවස පහට පේරාදෙණිය සරසවියේ කලාගාරයේදී පැවැත්වේ. කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ  ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ සංවාද මණ්ඩපයේ මුලසුන  පියංකාරගේ  බන්දුල ජයවීර ප්‍රවීණ කවියා  හොබවනු ඇත.                                                

උළෙලේ ප්‍රධාන දේශනය මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පැවැත්වීමට නියමිතය.  ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි, කපිල එම්. ගමගේ යන ප්‍රවීණයන්ගේ කෙටි දේශනද ඇතුළත් මෙම වැඩසටහනට, කවියේ, ගීතයේ හැඩතලයන් පිළිබඳව සුවිශේෂී නිදර්ශන සහිත දේශනයක් ප්‍රවීණ සංගීත ශිල්පී නවරත්න ගමගේ පැවැත්වීමට  නියමිතය.

මෙම  අවස්ථාවට රත්මලේ  බන්දුල ගුණවර්ධන, සුදත් ගාමිණී බණ්ඩාර, තිඹිරියාගම බණ්ඩාර, පීටර් ජෙරොමි තිසේරා, විජයානි නාලිකා කරුණාතිලක යන කවි කිවිඳියන් ද සහභාගි වීමට නියමිතය. ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්, ප්‍රවීණ කාටූන් චිත්‍ර ශිල්පි විනී හෙට්ටිගොඩ සහ ප්‍රවීණ මාධ්‍යවේදීන් වන පද්මා වේරගොඩආරචිචි, නන්දන වීරරත්න යන මහත්ම මහත්මීන්ද මෙම වැඩසටහන සහභාගි වේ. පේරාදෙණිය සරසවියේ විභවි කලා සංවිධානය වැඩසටහන සංවිධානය කරයි.

තෙලිජ්ජවිල – වජිර පූජිත ගුණවර්ධන