වියට්නාමයේ කැරෝකි සමාජ ශාලාවක හට ගත් ගින්නකින් 14ක් මරුට

0
637

වියට්නාමයේ හෝ චි මිං නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මහලක ගින්න හටගෙන ඇති අතර කාමර කිහිපයක සිටි ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු එම කාමරවල සිරවී සිට ඇත.

දෙවන සහ තෙවන මහල්වල සිට සිව් දෙනෙකු පහතට පැන ඇති අතර ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදුවී නැතත් තුවාල ලබා තිබේ.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා පැයක පමණ කාලයක් ගත වී ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

The An Phu karaoke bar නමින් හැඳින්වෙන මෙම සමාජ ශාලාව කාමර 29කින් සමන්විත ය.