ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න අමෙරිකාවේ ත් සහය

0
299

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා පැරිස් ක්ලබ් මූලධර්මවලට අනුව ආධාර ලබා දීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබා දීමට ද කටයුතු කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.