පාඨලීගේ නඩුවේ වැඩිදුර විභාගය ගැන අධිකරණය දුන් තීන්දුව

0
410

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

ඒ, එම නඩුව අද (සැප්. 7) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන් ම, එදින අදාළ විමර්ශන ප්‍රතිඵලවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරන ලෙස ද විනිසුරුවරයා නීතිපතිවරයා වෙත නියෝග කළේ ය.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරකින් සන්දීප් සම්පත් නම් තරුණයෙකු අනතුරට ලක්කර බරපතළ තුවාල සිදු කර පළා ගොස් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම, සාවද්‍ය වරද කියා පෑම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.