ඉන්ධන කෝටාව වැඩි කෙරෙන විශේෂ කාණ්ඩය ගැන තීන්දුවක්: QR කේතය තවත් වැඩිදියුණු කෙරේ

0
322

තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවල ඉන්ධන කෝටා වැඩි කිරීම සඳහා විශේෂ කාණ්ඩය මෙම සතියේ පරීක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ, සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩය ලබන සතියේ හඳුන්වා දීමට නියමිත බව ය.

ජාතික ඉන්ධන අවසර පත සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සමාලෝචනයෙන් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ජාතික ඉන්ධන අවසර පත නීතිවිරෝධී භාවිතය වැළැක්වීම සඳහා ඉන්ධන ලබා ගැනීමේදී නිකුත් කෙරෙන SMS පණිවිඩය සඳහා ඉන්ධන පිරවුම්හල් කේතය ලබන සතියේ සිට එක් කරන බව ද අදාළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඉන්ධන පිරවුම්හල් සඳහා ස්වයංක්‍රීය වාර්තා අද සිට ලබා ගත හැකි බව ත් මහ ජනතාව එය බලා ගත හැකි ක්‍රමවේදයක් සලසන බව ත් අමාත්‍යවරයා එහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.