Noyon Lanka හඳූන්වා දුන් Planetones, Control Union සහතිකයෙන් පිදුම් ලබයි

0
21

සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත්‍රිම ලේස් සඳහා 100% ස්වාභාවික වර්ණකයක් වන Planetones හ¾දුන්වාදී ඇත. ස්වාභාවික වර්ණකයක් Control Union විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි.

ප්‍රමුඛ යුරෝපීය විලාසිතා සන්නාම දෙකක් සඳහා දැනටමත් විකුණා ඇති Noyon හි Planetones ස්වාභාවික වර්ණකය, වර්ණකවල බහුලව දක්නට ලැබෙන උදාසීන වර්ණයන්ගෙන් ඔබ්බට විහිදෙන වර්ණ 32ක පුළුල් වර්ණ මාලාවක් ඉදිරිපත් කරන අතර Cranberry සහ achiote වැනි ස්වාභාවික වර්ණ ප්‍රභවයන් භාවිත කරමින් මෙම වර්ණකය නිෂ්පාදනය කරයි.

Eco Dye Standard ලෙස හ¾දුන්වන Control Union හි සහතිකයට අමතරව වර්ණකය අන්තරායකර රසායන ද්‍රව්‍ය (ZDHC) නිෂ්පාදන සීමා කරන ලද ද්‍රව්‍ය ලැයිස්තුවෙහි (MRSL) ඉහළම මට්ටමට අදාළ ප්‍රමිතීන්ටද අනුකූල වේ. සැලකිය යුතු කරුණක් වන්නේ Control Union වෙතින් Eco Dye Standard සහතිකය ලබාගත් පළමු ආයතනය Noyon වීමයි.

Noyon Lanka යනු MAS Holdingsහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය 2003 වසරේදී පිහිටුවන ලදී. මෙම විස¾දුම පිළිබඳව අදහස් දක්වමින් Noyon හි ප්‍රධාන විධායක නිලධාරි Ashiq Lafir මහතා ප්‍රකාශ කළේ “අපගේ උසස් පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණික හැකියාවන් උපයෝගී කරගනිමින් Noyon විසින් නව්‍ය සහ තිරසර විස¾දුම් කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේ සියලුම ප්‍රධාන කාර්ය සාධනය සහ ප්‍රමිතීන් සපුරාලන අතරම අපගේ නිෂ්පාදනවල සෘණාත්මක පාරිසරික බලපෑම් අවම කිරීමට හැකියාව තිබෙනවා.

මෙම නවතම නිෂ්පාදනය මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. එය තිරසර ඇඟලුම් නිෂ්පාදන ගමනාන්තයක් ලෙස ශ්‍රී  ලංකාවේ ස්ථාවරය ඉහළ නංවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නුදුරු අනාගතයේදී ස්වාභාවික වර්ණකය භාවිතයෙන් පමණක් වර්ණ ගැන්වූ ඇ¾දුමක් නිෂ්පාදනය කිරීමට අපගේ උත්සාහය යොමු වී තිබෙනවා.” යනුවෙනි.

ජලය අපවිත්‍ර වීම සඳහා 20%ක පමණ දායකත්වයක් ලබාදෙන්නේ රෙදි සායම් කිරීමේ සහ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Ellen MacArthur පදනම ඇස්තමේන්තු කර ඇත. කෘත්‍රිම වර්ණක වර්ගයක් සමඟ සසඳන විට, Planetones ස්වාභාවික වර්ණ ගැනීමේ ක්‍රියාවලියේදී රෙදි සේදීම අඩු කිරීම හරහා ඇස්තමේන්තු ගත ජලය සහ බලශක්ති පිළිවෙළින් 30% සහ 15%ක ඉතිරියක් සපයයි. ස්වාභාවික සංඝටක ජෛව හායනයට ලක්වීම තුළින් ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම අවම කරයි.