INSEE සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවනීය ආයතන අතරට

0
37

ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළෙඳපොළ ප්‍රමුඛයා මෙන්ම එකම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවනීය සන්නාමයන් අතරට නම් කෙරිණි. A.C.Nielsen ආයතනය විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ සිදුකරන ලද   සමීක්ෂණවල දත්ත මත මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර, එමඟින් INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟාගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේ, 2022 වසරේ වඩාත්ම ගෞරවණීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට අපගේ ගුණාත්මක නිෂ්පාදන වගේම එමඟින් අප ගොඩනඟාගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවැසිය යුතුමයි.

පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් විධියට අපි අපගේ හැකියාවන් ඔප්පු කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ, විවිධ හේතූන් නිසා මුහුණපෑමට සිදු වූ අභියෝගාත්මක තත්ත්වයන් තුළ පවා දේශීය ඉදිකිරීම් කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශක්තියක් වීමට අපට හැකියාව ලැබුණා.

ඊට අමතරව, මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ විටින් විට මිල ගණන් අස්ථාවර වූ අවස්ථාවලදී පවා 100% දේශීයව නිපදවන එකම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා සිමෙන්ති හරහා පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීම නිසා අප කෙරෙහි පැවැති  පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය තවත් වර්ධනය වුණු බව පැවැසුවොත් නිවැරදියි. ඒ වගේම INSEE සිමෙන්ති,  LMD සඟරාව විසින් අඛණ්ඩව 11 වරක් වසරේ ජනතා නිවාස සහ ඉදිකිරීම් සන්නාමය. ලෙසත්, අඛණ්ඩව 2 වරක්. වඩාත් ආදරය දිනූ සිමෙන්ති සන්නාමය.

ලෙසත් නම් කරනු ලැබීම අප කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය නැවතත් තහවුරු කරනවා. ඒ නිසා ම අපගේ තේමා පාඨය වනිජීවිතය ගොඩනඟන’ යන සංකල්පය යතාර්ථයක් කිරීම වෙනුවෙන් අපගේ කැපවීමට මෙම ඇගයීම ඉතා හොඳ උදාහරණයක් බව පැවැසිය යුතුමයි.” යනුවෙනි.

මෙරට එකම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ගෝලීය වසංගත තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය යන අවස්ථා දෙකෙහිදී මල වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීමට කටයුතු කළේය. 2021 වසරේදී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වූ අවස්ථාවේදී INSEE සිමෙන්ති සමාගම සතියේ දින 7ම පැය 24 පුරා සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින්, සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 40%කට වැඩි ප්‍රතිශතයක් සපුරාලීමට සමත් වූ අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මිල ගණන් ස්ථාවර කිරීමට සහ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහයෝගය ලබාදීමට සමත් විය.