IMF ගිවිසුම කැබිනට්ටුවට දැම්මේ නෑ

0
44

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ  ගිවිසුම කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබේද සහ ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇත්දැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි  අනුර ප්‍රියදර්ශන යාපා  විමසූ පැනයකට පිළිතුරු දෙමින් සභානායකවරයා  මේ බව කීය.

අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ,  ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අවසරය ගත යුතුව ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ  ගිවිසුමේ එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය විසින් පසුගිය දින කිහිපයේ දිගින්  දිගටම  ඉල්ලීම් කරන ලදී.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි