BREAKING NEWS: ජනප්‍රිය නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට

0
308

රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ එහි සිටි පොලිස් නිලධාරීන්ට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

බත්තරමුල්ල දියත උයනේදී අද (සැප්. 7) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඇය අත්අඩංගුවට ගත් බව ය.