ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායකත්වය ඩිල්ෂාන්ට

0
26

මෙම මස 10 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ්’ ලෙජන්ඩ්ස් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති ශ්‍රී  ලංකා සංචිතය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව ආරම්භක පිතිකරු තිලකරන්ත ඩිල්ෂාන් මෙහිදී ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් පිල මෙහෙයවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ශ්‍රී  ලංකා හිටපු ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන්,

රොමේෂ් කළුවිතාරණ, අජන්ත මෙන්ඩිස් සහ ෆර්විස් මහරුෆ් මෙවර රෝඩ් සේෆ්ටි තරගාවලිය සඳහා එක්වන ශ්‍රී  ලංකා සංචිතයට ඇතුළත් නොවීම කැපී පෙනෙන සිදුවීමකි. එයට හේතුවී ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආකෘතියට ක්‍රියාත්මක වන ලෙජන්ඩ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් සඳහා ඉහත ක්‍රීඩකයන් තෝරාගෙන තිබීමයි. ඒ අනුව අදාළ ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය සැප්තැම්බර් මස 16 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා ඉන්දියාවේදීම පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී  ලංකා ලෙජන්ඩ්ස් සංචිතය – තිලකරන්ත ඩිල්ෂාන් (නායක), කෞෂල්‍ය වීරරත්න, මහේල උඩවත්ත, රුමේෂ් සිල්වා, අසේල ගුණරත්න, චාමර සිල්වා, ඉසරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, චතුරංග ද සිල්වා, චින්තක ජයසිංහ, ධම්මික ප්‍රසාද්, දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ඉෂාන් ජයරත්න, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, සනත් ජයසූරිය, උපුල් තරංග, තිසර පෙරේරා

ගමිත දෙහිපිටිය