රත්රන් ණය දෙන ඉස්තරම් තැනින් තවත් රන් ණය පෙරළියක්

0
13

සෑම විටම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මුල්‍ය සේවා සපයන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ප්‍රමුඛතම මූල්‍ය සේවාවක් වන ‘CDB රන් ණය’ සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින්, ‘CDB රන් ණය’ නව විශේෂාංග රැසක් සමඟින් වැඩිදියුණු කරන ලද සේවාවක් ලෙස පාරිභෝගිකයන් වෙත හ¾දුන්වාදී ඇත.

රන් ණය ක්‍ෂේත්‍රයේ නවමු පෙරළියක් සිදු කරමින් ‘රත්රන් ණය දෙන ඉස්තරම් තැන’ වන CDB, රන් ණය ලබාගත් දිනයේ සිට පළමු මාසයේ පොලිය මාසයෙන් භාගයකට අය නොකරමින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ සහනයක් සලසාදී තිබේ. ඒ අනුව, රන් භාණ්ඩ උකස් කළ දිනයේ සිට දින පහළොවක් ඇතුළත එම භාණ්ඩ නිදහස් කරගන්නා පාරිභෝගිකයන් වෙත කිසිදු පොලී මුදලක් අය කරනු නොලැබේ.

එසේම, ‘CDB රන් ණය’ සේවාව වෙත යොමු වෙන පාරිභෝගිකයන් හට හිමිවන තවත් ප්‍රතිලාභයක් වන්නේ CDB වෙතින් රන්පවුමකට ලබාදෙන ඉහළම අත්තිකාරම් මුදලයි. ඒ අනුව, රන් පවුමකට රුපියල් 165,000ක ආකර්ෂණීය අත්තිකාරම් මුදලක් ලබාදීමට CDB සමාගම පියවර ගෙන තිබේ.

තවද, ‘CDB රන් ණය’ සේවා සඳහා මාසිකව අවම ආරම්භක පොලී අනුපාතයක් අය කරන අතර එය ‘CDB රන් ණය’ පාරිභෝගිකයන්ට සහන සැලසෙන පරිදි සකස් කර ඇත.  එසේම, වඩාත් කාර්යක්ෂම සේවයක් උදෙසා සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වාත් සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වාත් CDB ශාඛා ජාලය මෙම සේවාව ලබාදීම සඳහා විවෘතව පවතී.

මේ පිළිබඳ අදහස් දැක්වූ CDB සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, රන් ණය අලෙවි ප්‍රසාද් රණසිංහ – මහතා කියා සිටියේ CDB සමාගම තම පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතාවයන් හ¾දුනාගෙන ඊට සරිලන මුල්‍ය විස¾දුම් සැපයීමට නිරතුරුව කැපවී සිටින බවයි. “CDB රන් ණය සේවා ලබා ගැනීමට අපගේ ශාඛා වෙත පැමිණෙන ගනුදෙනුකාර භවතුන් වෙත උපරිම විශ්වාසය සහ ආරක්ෂාව සහිත සේවාවක් ලබාදීමට අපි කටයුතු යොදා තිබෙනවා.

විශේෂයෙන් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් වැනි විවිධ ස්තරවල සිටින අපගේ පාරිභෝගිකයන්ගේ සිතැඟි හ¾දුනා ගනිමින් ඔවුන්ගේ නොයෙක් අකාරයේ මුල්‍ය අවශ්‍යතා සඳහා CDB රන් ණය හරහා කඩිනම් සේවාවක් ලබාදීමට අප කැප වී සිටිනවා. ඉහළ අත්තිකාරම් මුදල සහ අවම පොලී අනුපාතයන් මෙන්ම විශ්වාසනීය සේවා ප්‍රමිතීන් නිසාම ‘CDB රන් ණය’ සේවාව පාරිභෝගිකයන්ගේ නොමද ආකර්ෂණය දිනාගෙන තිබෙනවා” යනුවෙනි.