දවුලගල නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයකු මරු දකී

0
10

ඇදහැලෙන අධික වර්ෂාවත්    සමඟ දවුලගල, යාලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට විශාල පස් කන්දක් සමඟ ගල් බැම්මක් කඩා වැටී තිස් නව හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දුමින්ද ප්‍රකාශ් සංජීව නමැති අයෙකි. මියගිය පුද්ගලයා නිවෙසේ මාළු ටැංකියට කෑම දැමීම සඳහා පැමිණි අවස්ථාවේ ගල්බැම්ම සමඟ පස්කන්ද හා බිත්තියක්ද කඩාගෙන නිවෙස තුළට වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ නිවෙසේ තවත් අයකු සිට ඇති අතර ඔහුට කිසිදු තුවාලයක් වී නොමැත.

ගල් බැම්මට යට වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මහනුවර – කේ.එල්. සුරවීර