කෝටියක් වටින KG සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

0
26

කේරළ ගංජා කිලෝග්‍රෑම් 37යි ග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් දෙදෙනකු 06 දා නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව කිලිනොච්චිය, පලෙයි පොලිසිය පවසයි.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් වෙරළට රැගෙන එමින් තිබූ කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් යාපනය ප්‍රදේශයේ වයස අවුරුදු 18ක් හා 29ක් වන අය ය.  සැකකරුවන් ජාවාරම්කරුවන් වෙත ලබාදීම උදෙසා ගංජා තොගය රැගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් ගංජා තොගය රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු වන අතර, සැකකරුවන් හා ගංජා තොගය කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනී