කහටගස්දිගිලිය වගා ළිඳක මළසිරුරක්

0
8

කහටගස්දිගිලිය ප්‍රදේශයේ වෙල්යායක පිහිටි අනාරක්ෂිත වගා ළිඳක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගල මළසිරුරක් කහටගස්දිගිලිය පොලිසිය සොයාගෙන තිබේ.

ලද තොරතුරක් අනුව කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් මළසිරුර සොයාගෙන තිබිණි.

වගා බිමක ඇති අනාරක්ෂිත වගා ළිඳක අබිරහස් ලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය, දිවුල්වැව ව්‍යාපාරය පහළ කුඩාපට්ටිය පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයකු බව මෙතෙක් කළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

අබිරහස් මරණය සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.  

මඩාටුගම _ ප්‍රසංග  ඒකනායක, පර්සි කුරුනේරු