කඳාන නිවෙසක නරක් වූ මළසිරුරක්

0
9

කඳාන පොලිස් වසමේ නිවෙසක උඩු මහලේ මියගොස් දින කිහිපයක් ගතවී තිබූ පුද්ගල මළසිරුරක් ඉකුත් 05දා සොයාගත් බව පොලිසිය පවසයි. මළසිරුර සොයා ගන්නා විටත් එය තරමක් නරක් වී දුගඳ හමමින් තිබී ඇත. කඳාන වැලිගම්පිටිය පරණ උසාවිය පාරේ නිවෙසක උඩුමහලේ තාවකාලිකව පදිංචිව සිටි දිනේෂ් මාල් ප්‍රනාන්දු (47) මෙලෙස මියගොස් ඇති බව පොලිසිය හඳුනාගෙන ඇත. මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා 06දා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කරනු ලබයි.

ජා  ඇළ – ප්‍රසංග පාවුළුහේවා