එක හුස්මෙන් කොරෝනාවෙන් බේරෙන්න ක්‍රමයක් චීනය සොයා ගනී

0
23

ආශ්වාස කිරීම හරහා ලබාදෙන කොවිඩ් එන්නතකට (Inhaled Covid Vaccine) අනුමැතිය දුන් පළමු රට බවට චීනය පත්ව තිබේ. මෙම සුවිශේෂී එන්නත CanSino ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇත.

එම ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සාමාන්‍ය කොවිඩ් එන්නතේ අඩංගු සංඝටක භාවිතයෙන් මෙම එන්නත නිෂ්පාදනය කර ඇති අතර එමඟින් කොවිඩ් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය හැඩගස්වන බව කියැවේ.

අදාළ සමාගම පවසන්නේ, එම ඔෟෂධය එක් වරක් ආශ්වාස කිරීමෙන් පමණක් කොරෝනා වයිරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙන බවය. මේ අතර, බි්‍රතාන්‍යය සහ අමෙරිකාවද ආශ්වාස එන්නත් නිපදවීම සඳහා පර්යේෂණ සිදු කරමින් සිටී.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි