හක්කපටස් කෑ දැවැන්තයා වැව මැද්දේ අවසන් ගමන් යයි

0
15

මන්නාරම, මඩු, සින්නවලයාන්කට්ටු ප්‍රදේශයේ වැවක තිබී වන අලියකුගේ මළ සිරුරක් පෙරේදා (04දා) හමුවූ බව මඩු වනජීවී කාර්යාල නිලධාරීහු පවසති.

මියගිය වන අලියාගේ මරණය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තු උතුරු පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි බී. ගිරිදරන් මහතා ඊයේ (05දා) පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීය.

හක්කපටස්වලට හසුව වන අලියාගේ මුඛය තුවාල වී ඇති අතර අදාළ තුවාලය හේතුවෙන් ආහාර ගැනීමට නොහැකිව දුර්වල වීමෙන් වන අලියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

මියගිය වන අලියා වයස අවුරුදු හයක් පමණ වන අතර උස අඩි හයක උසකින් යුතු වන බවද වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් මඩු වනජීවී කාර්යාල නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනි

මුලතිව් – ශෂි කුමාර්