රටේ ආර්ථික අර්බුදය විසදාගන්න නම් සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වන්න ඕනෑ

0
12

වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම සඳහා සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැරවී මහපොළවේ යථාර්ථයත් ගෝලීය පරිසරයත් ගැන හොඳ අවබෝධයකින් විමසා බැලිය යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවැසීය.

ලෝක ඉතිහාස දෙස බැලුවත් මෙරට ඉතිහාසය දෙස බැලුවත් ගෝලීය ආර්ථික අර්බුදවලින් මිදීම සඳහා කෙටි කාලයකට හෝ අවම කොන්දේසි යටතේවත් එකඟතාවකට පැමිණි අවස්ථා දැකිය හැකි බවත් එවැනි අවස්ථාවකට හොඳම වේලාව දැන් උදා වී තිබියදීත් එය මඟහැරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේය.

මෙම ආර්ථික අර්බුදය ජයගැනීමට අවශ්‍ය කෙටිකාලීන හා දීර්ඝකාලීන විස¾දුම් හ¾දුනාගෙන තිබෙන බවත් ඒ සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61,000ක් හ¾දුනාගෙන ඉදිරි මාස 04 තුළ එක් පවුලකට මසකට රුපියල් 10,000ක් ලබාදීමට කටයුතු කිරීම කාලෝචිත බවත් එහි ප්‍රතිලාභ එම පවුල්වල සියලුම සාමාජිකයන් අතරේ බෙදී යන ආකාරයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අවධාරණය කළේය.

භූමිතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියුතු කුඩා ධීවර යාත්‍රා හිමියන් සඳහාත් විදුලිබල පහසුකම් නොමැති වතුකර ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට යම් සහනාධාර ලබාදීමටත් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය කථානායකවරයා කීය.

පසුගියදා තිස්සමහාරාමය, දෙබරවැව මැණික් රජමහ විහාරස්ථානයේ පැවැති ජනතාවට ආධාර බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමින් අජිත් රාජපක්ෂ මහතා එසේ පැවැසීය.