අගමැති කතරගමදී ආගමික උත්සව රැසක

0
8

අගමැති  දිනේෂ්  ගුණවර්ධන 04 වැනි  දින කතරගමට පැමිණ විශේෂ ආගමික වැඩ සටහනකට එක්විය. මහජන එක්සත් පෙරමුණ  මඟින් වාර්ෂිකව  කතරගම කිරිවෙහෙර  අබියස  පවත්වන අධිෂ්ඨාන  පූජාවේ 28 වැනි  පින්කම  එදින සිදුකරන  ලදී.

කිරිවෙහෙර  සෑ රදුන්  වෙත කප්රුක්  පූජාවක් සහ බුද්ධ  පූජාව පවත්වා අධිෂ්ඨාන  පූජාව සිදුකරමින් ශ්‍රී  ලංකාවේ භෞමික  අඛණ්ඩතාව තවදුරටත් රැක ගෙන රටට, ජාතියට,  ජනයාට සෙත්පතා  මෙම පින්කම සංවිධාන කෙරිණි.

මෙයට අමතරව  කතරගම  මහා දේවාලයට  පැමිණ  දෙවියන්  වෙනුවෙන්  පලතුරු  පූජාවක්ද තබන ලදී.

මෙහිදී ආගමික වතාවත් කතරගම  කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත  කොබවක ධම්මින්ද හිමියන්, රුහුණු  මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක  කතරගම  අභිනවාරාම  විහාරාධිපති  ශාස්ත්‍රපති  කපුගම සරණතිස්ස හිමියන් ප්‍රමුඛ මහා සංඝයා  වහන්සේලා  විසින්  සිදු කරන  ලදී.

මේ සඳහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත බේරුගොඩ, හිටපු  අමාත්‍ය හා පාර්ලිමේන්තු  මන්ත්‍රි ශෂින්ද්‍ර රාජපක්ෂ, කතරගම දේවාලයේ  බස්නායක නිලමේ ඩිෂන් ගුණසේකර යන මහතුන්  සමඟ මහජන  එක්සත්  පෙරමුණේ  සමාජිකයෝ රැසක්  මෙම අවස්ථාවට එක්වී සිටියහ.

කතරගම  – සන්දිම  දේවප්‍රිය