ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්: 8 දෙනෙක් මරුට

0
625

ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව ඇෆ්ගනිස්ථානයේ බලධාරීන් ප්‍රකාශ කළ බව ය.

රිච්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයෙන් සිදු වී ඇති එම භූමිකම්පාව කුනාර්, ලග්මාන් සහ නන්ගාහර් යන පළාත්වලට මෙන් ම කාබුල් අගනුවරට දැනුණු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ ජූනි මාසයේදී ද රිච්ටර් මාපක 5.39ක භූ කම්පනයක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් දහස් ගණනක් තුවාල ලබා තිබිණි.