ශ්‍රී ලංකා පිල ඉන්දියාව බින්දුවටම දමයි

0
22

මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන්ම ඉන්දීය පිලට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී  ලංකාවට පසුගියදා හැකියාව ලැබිණි.

ඒ අනුව එම තරගයෙන් ලකුණු 102-14ක දැවැන්ත ජයක් ශ්‍රී  ලංකාවට හිමි වීම කැපී පෙනිණි. එහිදී ආරම්භයේ පටන්ම තම ආධිපත්‍ය පැතිරවීමට ප්‍රබල ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයකි. ඒ අනුව පළමු කාර්තුව ලකුණු 34-02ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි කාර්තුවෙන් ද ලකුණු 24-01ක් ලෙස ඉදිරියෙන් පසුවිය. එසේම තෙවැනි සහ සිවුවැනි කාර්තු ද පිළිවෙළින් ලකුණු 21-07ක් සහ 23-04ක් ලෙස පෙරමුණ ගනිමින් ශ්‍රී  ලංකා පිල එම තරගයේ ජය ලැබීය.

මේ අතර මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී  ලංකාව මුහුණදෙන මීළඟ තරගය පිලිපීනය සමඟින් අද (5දා) පැවැත්වීමට නියමිතව තිබේ.