ක්‍රිකට් පුහුණුකරු රමේෂ් පෙරේරා මිය යයි

0
11

මරදාන සහිරා විදුහලේ ක්‍රිකට් පුහුණුකරු වූ රමේෂ් ඩිල්ෂාන් පෙරේරා (59) හෘදයාබාධයකින් ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේදී ඊයේ (4දා) කළුරිය කළේය.  කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහලේද ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කර ඇති ඒ මහතා ජාතික තලයේ ක්‍රීඩකයන් කිහිප දෙනකුම රටට හඳුන්වා දුන්නේය.

කෝට්ටේ ශාන්ත තෝමස් හා කොළඹ ඉසිපතන විදුහල්වල ආදි ශිෂ්‍යයකු වූ ඔහු එදවස පාසල් ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.  උදේනිකා ජීවනී කහඳගමගේගේ ස්වාමිපුරුෂයා වූ ඔහු බාෂතී පෙරේරා හා ශලනි පෙරේරාගේ පියාණන්ය.

ඔහු ‘මව්බිම’ පුවත්පතේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී සජීව චින්තක කහඳගමගේගේ මස්සිනා වේ. නුගේගොඩ, තලපත්පිටියේ, පන්සල පාර, අංක 227/11/ඒ, දරන නිවෙසේ දේහය තැන්පත්කර ඇත. අවසන් කටයුතු අඟහරුවාදා හෙට (6දා) සවස 5.00ට තලපත්පිටිය. පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.