එජාප 76 වැනි සමරුව හෙට

0
29

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය හෙටට (06දා) යෙදී ඇත. එම සැමරුමට සමගාමීව පවත්වන විශේෂ ආගමික වතාවත් ඊයේ (04දා) පැවැත්විණි.

එ.ජා.ප. සංවත්සරය පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොල්ලුපිටිය වාලුකාරාමයේදී බෞද්ධ ආගමික වතාවත් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොච්චිකඩේ ශිවම් කෝවිල, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කොළඹ දවටගහ පල්ලිය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීද ආගමික වතාවත් සිදු කෙරුණු අතර, එම අවස්ථාවලට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, මහ ලේකම් රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන සහ ලක්වනිතා සභාපති ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සඳුනි ගමාරච්චි