අවුරුදු 40න් ඉහළ නෙස්ටමෝල්ට් පාපැදි පිරිමි ශූරතාව සුසන්තට

0
26

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධානය කළ නෙස්ටමෝල්ට් පාපැදි සවාරියේ අවුරුදු 40න් ඉහළ පිරිමි ශූරතාව දිනාගැනීමට කදිරාන ස්පීඩ් පාපැදි ක්‍රීඩා සමාජයේ සුසන්ත ද සිල්වා සමත්විය. 

එහිදී කි.මී. 28ක දුරකින් යුත් මෙම තරගයේ ෂෙනාල් විනාඩි 47.24ක් සටහන් කරද්දී දෙවැනි හා තෙවැනි ස්ථාන දිනූ සුපර් ස්ප්‍රින්ට් පාපැදි ක්‍රීඩා සමාජයේ ගීතකාන්ත ද සිල්වාට හා කැලණි පාපැදි ක්‍රීඩා සමාජයේ සුභාෂ් මංජුල යන දෙදෙනාම එම කාලයම සටහන් කර තිබිණි.  විනාඩි 47.26කදී තරගය අවසන් කළ ඉන්ඩිපැන්ඩන්ස් පාපැදි ක්‍රීඩා සමාජයේ ලක්මාල් අල්විස්ට හා කදිරාන පාපැදි ක්‍රීඩා සමාජයේ එච්.එන්.පී. සිල්වාට පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථාන හිමි වූහ.

මෙම අවස්ථාවට නෙස්ලේ ලංකා සමාගමේ ජේ‍යෂ්ඨ කළමනාකරු (විකුණුම් ප්‍රවර්ධන) සජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපති චන්දන කඳනාරච්චි එම සම්මේලනයේ උප ලේකම් අතුල අකරවිට යන මහත්වරුන්ද එක්ව සිටියහ.