Text කරන අයට වැදගත් වෙන WhatsApp වලින්එ හා ලෝකය

0
519

ලොව විශාලතම Messaging Service එකක් වන WhatsApp ගැන බොහෝ දෙනකුගේ කතාබහට ලක්වන Messaging Service එකක් බවට පත්වෙලා තිබෙනවා වගේම බොහෝ පරිශීලකයන් ප්‍රමාණයක් එය භාවිත කරනවා. එඩචබඵඒනන කියන්නේ ලෝකයේ ජනප්‍රියතම messaging app එක බව තර්ක විරහිතව කියන්න පුළුවන්. නමුත් Privacy Policy එකට අනුව WhatsApp පරිශීලකයන්ගෙන් දත්ත ලබා ගන්නා බවට Facebook සමාගම විසින් කර ඇති නිවේදනය නිසා 2021 වසරේදී සැලකිය යුතු පරිශීලකයන් ප්‍රමාණයකගේ අවධානය වෙනත් messaging app එකක් සඳහා යොමු වුණා.

ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය වුණු, කතාබහට ලක්වුණු තවත් ථඥඵඵචඨඪදඨ චනනඵ කිහිපයක් ගැන අපි මෙහිදී මූලික අවධානය දෙනවා. ආසාවෙන් භාවිත කරන WhatsAppවල අවුලක් නුදුරු අනාගතයේදී හරි ආවොත් ඒ වෙනුවට විකල්පයක් විධියට තෝරාගත හැකි හොඳ ඇප් එකක් ගැන අපි මෙහිදී මූලිකවම අවධානය යොමු කරනවා.

WhatsApp

WhatsApp,  Facebook සමාගම සතු වෙන Messaging Service එකක් වන අතරම ලොව පුරා මසකට බිලියන 02කට අධික Active Userලා සංඛ්‍යාවක් සිටින Messaging Service එකක් වෙනවා.

සාමාන්‍ය Messaging App එකකට අවශ්‍ය Features සියල්ලම පාහේ ලබාදී ඇති WhatsApp සමාජිකයන් 256 දක්වා වූ Group Chat පහසුකමද, එකවර Contacts කිහිපයකටම පණිවුඩ යැවිමේ  (Broadcast Messages Feature) එකත් ලබාදී තිබෙනවා. ඊට අමතරව සාමාන්‍ය ඛ්ඩචබඵ සඳහාත් Group Chats සඳහාත් Voice Call හා Video Call පහසුකම් ලබාදී තිබෙනවා. නමුත් Group Video Call සඳහා නම් එකවරකට සමාජිකයන් 8කට පමණයි සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ.

WhatsApp හි Famous Feature එක වෙන්නේ WhatsApp Status Feature එකයි. WhatsApp මඟින් 16MB දක්වා වූ Photos, Videos හා Audio Files හුවමාරු කර ගැනීමට මෙන්ම 100MB දක්වා වූ Document හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන Live Location Feature එකත් ගොඩක් වැදගත් Feature එකක් වෙනවා. මෙය Google Drive හෝ iCloud වෙත Backup කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.

Telegram

2013දී එළිදක්වන ලද මේ Messaging Service එකට හිමිකම් කියන්නේ Nikolai Durov හා ඔහුගේ සහෝදරයා වෙන Pavel Durov. Telegram සඳහා මිලියන 400ක් පමණ Active Userලා සංඛ්‍යාවක් සිටින Messaging Service එකක්.

WhatsApp මඟින් සාමාන්‍ය Messaging Service එකට අවශ්‍ය සියලු Features ලබා දුන්නද, Telegram Messaging Service එක මඟින් සාමාන්‍ය Messaging Service එකකින් ඔබට ගොඩක් ඉතා ප්‍රයෝජනවත් විශේෂ වූ Features රැසක් ලබා දෙනවා. WhatsApp හි ඇති Status Feature එක නම් නැහැ.

මෙහි Group සඳහා සමාජිකයන් 200,000 පමණ එකතු කර ගත හැකි වෙනවා. ඒ වගේම Group Chats සඳහා විශේෂිත මෙන්ම වැදගත් Features කිහිපයක් වන Bots, Polls, Quizzes, Hashtags වගේ Feature ලබාදී තිබෙනවා. ඒ වගේම Messages Edit කිරීමේ සහ Schedule කිරීමේ හැකියාවත් ලබා දෙනවා. Telegram මඟින් 1.5GB පමණ දක්වා වූ Files හුවමාරු කර ගත හැකි වෙනවා. Telegram සඳහා Video Call, Group Voice හා Video Chat පහසුකම් තිබෙනවා.

Signal

මෙය අයත් වෙන්නේ ලාභ නොලබන Signal පදනමටයි. මේ පදනමේ මූලිකත්වය ගෙන සිටින්නේ Moxie Marlinspike හා Brian Acton විසින්. මින් Brian Acton කියන්නේ WhatsAppහි WhatsApp කෙනෙක් ලෙස හැඳින්වුවත් නිවරදියි. එහෙත් Signal සඳහා මිලියන 10-20ත් පමණ Monthly Active Userලා ප්‍රමාණයක් සිටීමත් විශේෂයක් වෙනවා. ඒ වගේම Signal Foundation එක පවතින්නේ Donations හා Grants වලින් බවත් පැවැසිය යුතුම දෙයක්.

Security Features අතින් Signal ඉදිරියෙන් සිටියද Telegram තරම් Features රැසක් නම් මේ මඟින් ලැබෙන්නේ නෑ.

මේ මඟින් ලබා දෙන සියලු Messaging, Voice Calls, Video Calls මෙන්ම සියලුම ආකාරයේ Communications End-to-end Encrypt කර තිබෙනවා. ඒ වගේම මේ වන විට Signal සඳහා Group Call Feature එක ලබාදී තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන Note to self Feature එකත් මේ සඳහාම විශේෂිත වූ Feature එකක් විදිහට දක්වන්න පුළුවන්.

මීට අමතරව Incognito Keyboard Option එකකුත්, Dark Mode එකකුත්, මුහුණු හා පෞද්ගලික තොරතුරු Blur කළ හැකි Powerful Photo Editor එකකුත් මේ Messaging Service එක සතු වෙනවා. ඒ වගේම ඉතා පහසුවෙන් පැරණි Messages Delete කළ හැකි ආකාරයේ Option එකකුත් ලබාදී තිබෙනවා.

මේ දිනවල වඩාත් කතා බහට ලක් වුණ WhatsApp Messaging Serviceඑකේ යම් යම් ප්‍රශ්න නිසා බොහෝ අය වෙනත් Messaging Service ගැනත් අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා, මේ වන විට ලොව ජනප්‍රියතම Messaging Service තුන වන WhatsApp, Telegram හා Signal ගැන අපි මේ  ලිපිය මඟින් මේ විදියට ඔබට අදහසක් ලබාදීම සිදු කරනවා.

ශෙනායා හේවාගම