වතුර බැරල් එකක බැහැලා ජීවත් වන රංජිත් කුමාරගේ දුක්බර කතාව

0
43

දවසේ වැඩි කාලයක් වතුර බැරලයක බැස කරවටක් ගිලී සිටින ඔහුට සිය සිරුරට දැනෙන අධික දහඩිය, පිපාසාව නිවා ගැනීමට දැනට ඇති එකම විස¾දුම එයයි. ඔහු පෙළෙන දරුණු වකුගඩු රෝගය ඊට හේතුවයි.

එසේ අවුරුදු ගණනාවක් තිස්සේ නිදන්ගත වකුගඩු රෝගයෙන් දුක් විඳින අනුරාධපුර, දුම්රියපොළ හන්දිය, පරසන්ගස්වැව ලිපිනයේ පදිංචි රංජිත් කුමාර මහත්මයාට ඔබේ උදවු උපකාර අවැසිම මොහොතක ඔහුගේ කතාව  අසමු.

“මම දැනට අවුරුදු දහයක් තිස්සේ  වකුගඩු අමාරුවට අනුරාධපුර ඉස්පිරිතාලෙන් බෙහෙත් කරනවා. ගල් කැඩීම රස්සාව කර ගෙන හිටියත් ලෙඩ වුණාට පස්සෙ කර කියා ගන්න දෙයක් නැතිව ගියා.

මමයි, බිරියයි, දරුවො තුන් දෙනයි. එක්කෙනෙක් සාමාන්‍ය පෙළ  කරනවා  එක්කෙනෙක් ශිෂ්‍යත්ව පන්තියේ. ලොකු පුතා හමුදාවේ. එයා ඒ රස්සාවට ගිහින් තාම අවුරුද්දක්වත් නෑ. වයස සම්පූර්ණ වුණ හැටියේ හමුදාවට බැ¾දුණා.

ඉස්පිරිතාලේ වකුගඩු ඒකකයෙන් මාසෙටම  බෙහෙත් ටික ලැබෙනවා. මේ වෙනකම් දවසක් ඇර දවසක්  ඩයලයිසීස් කරනවා.

මට වතුර බොන්න කියලා තියෙන්නේ  දවසටම 500ථතයි. මැෂින් එකෙන් ඇඟේ පිරෙන වතුර අයින් කළාට ඒකත් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒකයි අඩු වතුර ප්‍රමාණයක් ඇඟට දෙන්නේ. දැන් අවුරුදු දහයක් තිස්සේ මුත්‍රා බිංදුවක්වත් පිට වෙලා නෑ.

වතුර නැති නිසා ඉවසන්න බැරි තිබහයි. ඇඟ වේළෙන නිසා දැවිල්ලයි. ඒ නිසා දවසෙ වැඩි හරියක් බැරල් එකකට වතුර පුරවලා ඒකෙ බැහැ ගෙන ඉන්නවා. ඒකෙන් ටිකක් සහනයක් ලැබෙනවා. අනිත් හැම වෙලේම ඉන්නෙ ෆෑන් එකක් යට. මෙහෙ ගොඩක් රස්නෙයි නෙ. වැස්සක් වැටුණොත් මහ රෑ හරි මම පුටුවක් තියාගෙන එළියට වෙලා ඉන්නව. ඒ තරම් සනීපයක් ඒක.

මෙච්චර කල් පපුවට, බෙල්ලට බට දාලා තමයි ලේ මාරු  කරේ. මේ ළඟදි ඉඳලා අතට බට දාලා කරන්න ගත්ත. අතේ මේ  තැන තැන  ගැට හැදිලා තියෙන්නේ ඒ සිදුරු කරපු තැන්.

හදවත දුර්වල නිසා තවත් ඩයලයිසීස් කරන්න අමාරුයි, ගෙදර ඉඳලා කරගන්න වෙන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. දැන්  ඒකට මාරු වෙන්න කියලා ඉස්පිරිතාලෙන් කිව්වා. ඒකට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා.”

ඒකෙන් පස්සේ. 

“මට ඉන්න ගෙදර පිරිසුදු කාමරයක්, පෞද්ගලිකව පාවිච්චි කරන්න නාන කාමරයක් ඕනෙ කියලා ‍ෙදාස්තර මහත්තුරු කියනවා.

මම ඉන්න ගෙදර එහෙම පහසුකම් තියෙන කාමර, නාන කාමර නෑ. හදාගන්න හැකියාවක් නෑ. මම  ඉල්ලන්නේ කවුරු හරි මට ඒක හදා ගන්න  උපකාරයක් කරන්න කියලයි.

මාව බලා ගන්නේ, සාත්තු කරන්නේ හමුදාවේ ඉන්න මගේ පුතාගේ නෝනා.

ඒ දුවව ඔපරේෂන් එකෙන්  පස්සේ සතියක් ඉස්පිරිතාලෙන්  පුහුණු කරලා තමයි මාව බාර දෙන්නේ.”

රංජිත් කුමාර මහත්මයාගේ පුතාගෙ බිරිය  හංසමාලි ඒ ගැන වැඩිදුරටත් කරුණු පැවසුවාය.

 “බිත්ති කපරාරු කරලා, තීන්ත ගාලා, සිවිලින් ගහලා, පොළොව ටයිල් කරලා තාත්තා ගේ ඇඳයි, මේසෙයි විතරක් තියෙන ගොඩාක් සංකීර්ණ නැති සරල සාමාන්‍ය කාමරයක් එක්ක යාබද නාන කාමරයක් තාත්තා වෙනුවෙන් හදා ගන්නයි අපට උදවු  ඕනෙ.

අපි මේ ඔක්කොම ලෑස්ති කරලා ෆොටෝ ගහන්  ගිහින්  ඉස්පිරිතාලෙට පෙන්නුවට පස්සෙ තමයි තාත්තව ඔපරේෂන් එකට ගන්නේ. තාත්තා දැනට ඉන්න කාමරේ ෆොටෝ අරන් ගිහින් පෙන්නුවා. ඉස්පිරිතාලෙන් ඒවා බලලා කිව්වේ තාත්තට ඔපරේෂන් එකෙන් පස්සේ ජීවත් වෙන්න මේ පහසුකම් මදි කියලයි.

මම තමයි තාත්තා ගේ වැඩ කරන්නේ. අම්මා ඇලුමිනියම් වැඩපලක වැඩට යනවා. මට  ගෙදර වැඩත් කරන ගමන් තමයි තාත්තව බලා ගන්න වෙන්නේ. ඒ නිසා මගේ පිරිසුදුකමත් හොඳටම තියාගන්න ඕනේ.

තාත්තාගේ ප්‍රතිකාර වැඩවලදී මට නිතරම අත් හෝදන්න වෙනවා. මම අපිරිසුදුව  ඉඳලා තාත්තව විතරක් පිරිසුදුව තියලා මේ කරන වැඩේ තේරුමක් නැති වෙනවා. තාත්තටත් නිතර බාත් රූම් එක ඇතුළට යන්න අමාරු නිසා  ඒකට තාත්තා ඉන්න කාමරේ ඇතුළෙම වෙනම සින්ක් එකක් තියෙනවා නම් හොඳයි කියලයි  ඩොක්ටර්ස්ලා  කිව්වේ. ගෙදරත්  පුළුවන් තරම් දූවිලි නැතිව පිරිසුදුව තියා ගන්න ඕනෙ.

අලුතින් කාමරය හදනව වගේම තාත්තගේ ඇඳ, කොට්ටෙ, මෙට්ටෙ, ඇඳ රෙද්ද, මදුරු දැලේ ඉඳලම අලුත් පිරිසුදු ඒවා වෙන්න ඕනේ. මේ දේවල් කර ගන්න තරම් ආර්ථික තත්ත්වයක් අපිට නෑ. ඒ නිසා අපිට උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක්.

තාත්තගේ වකුගඩු  වැඩ කරන්නේ 30%යි. මේ ඔපරේෂන් එක කළොත් තව කාලයක් තාත්තව ජීවත් කරවන්න පුළුවන් කියලා ඉස්පිරිතාලෙන් කියනවා.

ඩයලයිසීස් කරනවට වඩා මේකෙන් වේදනාව, අපහසුව ගොඩාක් අඩු වෙනවලු. සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න පුළුවන් වෙයි කියල කිව්වා.

මේකෙදී බඩට බටයක් දානවලු. බඩ ඇතුළේ ඕනෑම අවකාශයකට ඒක යොමු වෙන්න පුළුවන් කිව්වා. අඩියක විතර කොටසක් එළියට ඇරිලා තියෙනවා. ඒකෙන්  ඇඟට  විසබීජ ඇතුළු වෙන්න පුළුවන් නිසයි මේ වගේ පිරිසුදු  පරිසරයක් තාත්තට ඕනේ කියන්නෙ. ඉස්පිරිතාලෙන් ඒ ගැන වීඩියෝ වැඩසටහන් පෙන්නලා අපිට කියලා දුන්නා. ඔපරේෂන් එකෙන් පස්සේ ඒ විදිහට දවසට 3 – 4 පාරක් ගෙදර දී බඩේ එකතු වෙන වතුර අයින් කරන්න ඕනෙ.

තාත්තට විශේෂයෙන්  කන්න කියලා තියෙන්නේ  කොළ මිදි, කොළ ඇපල් තමයි. දවල්ට කෑම කන්නේ  නෑ. වතුර පාලනය කරන්න ඕනෙ නිසා. තේ ටිකක් බිව්වත්  මේස හැඳි 2 – 3, තුන් වේලක්  බෙහෙත් පෙති 10 – 15 බිව්වත් වතුර මේස හැඳි 2 – 3  වතුර ප්‍රමාණයකින් ඒක බොන්නේ. වතුර වැඩි වුණොත් ඇඟ ඉදිමෙනවා. අමාරු වෙනවා.

තාත්තා මේ ඔක්කොමත් එක්ක පුදුම දුකක් විඳින්නේ. ඒත් කාමරෙයි නාන කාමරෙයි හදා ගන්නකම් ඔපරේෂන් එක කරන්න විදිහක් නෑ.

වකුගඩුවක් බද්ධ කිරීමේ තත්ත්වයක සිටින  නමුත් ඒ සඳහා සුදුසු  ශාරීරික යෝග්‍යතාවක  නැති සහ සොයා ගත නොහැකි අයකුට ලබා දෙන ඊළඟ  සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වන ච්ඪචතරඵඪඵ හෙවත් රුධිර කාන්දුකරණයෙන් පිරිතාන කාන්දුකරණයට යොමු වී  දැන්  සිටිනවාට වඩා  සුවපත් බවක් විඳීමට  ආසාවෙන් සිටින රංජිත් කුමාර මහතාට අවශ්‍ය උපකාරයක් කිරීමට කැමැති ඔබට  0719308666 අංකයට  ඔහු අමතා විස්තර ලබා ගත හැකිය.

නිරෝගි සුවය ලොව උතුම්ම ලාභයයි.

බුදු වදනයි

වයලට් ප්‍රියදර්ශනී විතානගේ