මහ බැංකුවට ගජ මිතුරෙක් රිංගවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා

0
44

”පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලුදෙනාම පාහේ රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට වගකිව යුතුව ඇති බවත් එය අමතක කොට මහ බැංකු අධිපතිවරයා ඉලක්ක කරමින් බරපතළ චෝදනා ගොන්නක්.

ආණ්ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවැසීය. මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියකු බවට චෝදනා කරන ආණ්ඩුව තමන්ගේ ගජමිතුරෙක්ව මහ බැංකු අධිපති බවට පත්කිරීමේ කුමන්ත්‍රණ නාඩගමක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන බව පැවැසූ විපක්ෂ නායකවරයා මහ බැංකු අධිපතිවරයා සහභාගි වූ  වැඩසටහනේදී රජය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ හැසිරීම අතිශය පිළිකුල් සහගත බව පැවැසීය.

මේ මොහොතේ සර්වපාක්ෂික ආණ්ඩු ගැන විහිළු කතා කරනවට වඩා ආණ්ඩු පාර්ශ්වයේම ප්‍රධානීන් අතර මූලික එකඟතාවක් පැවැතිය යුතුව ඇතැයි සඳහන් කළ විපක්ෂ නායකවරයා එවැන්නක් සිදු නොවන තත්ත්වයක් තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන හිතන්නටවත් පුළුවන්කමක් ඇතැයි පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මේ තීරණාත්මක මොහොතේ රට ගොඩනැඟීම වෙනුවෙන් තම සහයෝගය ඉල්ලා සිටිනවා සේම ආණ්ඩු පාර්ශ්වයද ඒ පිළිබඳව යහපත් එකඟතාවක් දැක්විය යුතුව ඇතැයිද විපක්ෂ නායකවරයා පැවැසීය.

අනුරාධා හේරත්,සඳුනි ගමාරච්චි