තිරිහන් වෙන්න මුව ලේ නාන පුටින්

0
626

මිනිසා මුවා යන සිවුපාවා පිළිබඳ මවන චිත්‍ර විවිධාකාරය. කවියන්ට උෟ අහිංසකත්වයේ, අලංකාරත්වයේ ප්‍රතිමූර්තියකි. දඩයම්කරුවන්ට උෟ කෙළිබඩුවක් බ¾දුය. බොහෝ ගෝත්‍රිකයන් මුවාගෙන් සංකේතවත් කරන්නේ දඩයමයි. මුවන් විශේෂ ගණනාවක් ඇති අතර සොබාදහමට පෙම් බැන්දවුන්ට උන් වටිනා සම්පතකි.

ඇන්ටාක්ටිකාවේ හැර අන් සියලුම මහද්වීපවල මුවන් විශේෂ දැකිය හැකිය. ඕස්ට්‍රේලියාවට මුවන් හ¾දුන්වා දී ඇත්තේ 19 වැනි සියවසේ යුරෝපීයයන් විසිනි. වත්මනේ ඇන්ටාක්ටිකාවේද මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයන් නිසා පිනි මුවන් දැකිය හැකිය. එයින් වැටහෙන්නේ බොහෝ පරිසරයන්ට අනුරූප වන අන්දමින් උෟට ජීවත්විය හැකි බවය. මුවන්ගේ ඇති සුවිශේෂීත්වය නිසාම උන් හා බැඳි මිථ්‍යාවන්ගෙන්ද අඩුවක් නැත.

මුවා සහ මිනිසා අතර ඇති සබඳතාවයේ ඉතිහාසය නිශ්චිතවම වසර ගණනින් කිව නොහැකි නමුත් යෝක්ෂයර් පුරා විද්‍යාඥයන්ට රතු මුවන්ගේ හිස් කබල්වලින් සැදූ හිස් පලඳනා හමුවී තිබෙයි. මේවා වසර 11000ක් පමණ පැරැණිය.  දුරාතීතයේ සිටම පූජනීය, ආගමික කටයුතු සඳහා මුවන් යොදාගනු ලැබිණි.

රට රටවල පුරාවෘත්ත

රාමායනයේ රාම කුමරුගේ දේවිය සීතා පැහැර ගැනීමට යක්ෂ රජු රාවණ තුවාල ලද මුවකු මෙන් පැමිණි බව සඳහන් වෙයි.

ජපානයේ මුවා යනු පූජනීය සත්ත්වයෙකි. ඔවුන් දෙවියන්ගේ පණිවුඩකරුවකු ලෙස මුවා හ¾දුන්වන අතර උගෙන් දීර්ඝායුෂ සහ සශ්‍රීකත්වය සංකේතවත් වන බවට විශ්වාස කරයි.

බෞද්ධ ධර්ම චක්‍රය දෙපස එදෙස බලා සිටින ගැහැනු සහ පිරිමි මුවන් දෙදෙනකු දැකිය හැකිය.

සිදුහත් තවුසාණෝ සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ මුවන්ගේ පාරාදීසයක්වූ මිගදායේදීය. මිහි¾දු මහ රහතන් වහන්සේ මෙරටට වඩින විට දේවානම් පියතිස්ස මහ රජතුමා මුව දඩයමේ ගොස් සිටියේය. බුදු දහමේ මුවාගෙන් සංකේතවත් වන්නේ සාමය, සංහිඳියාව, සතුට, ශාන්තිය වාගේම සංවේදී බව හා විමසිලිමත් භාවයයි. බෝධිසත්වයන්ගේ අවසන් ආත්ම දහය ගැන කියැවෙන ජාතක කතාවලද මුවන් ගැන සඳහන් වන අතර  රන්වන් පැහැ මුවන් ගැනද ජාතක කතාවල අසන්නට ලැබෙයි.

බටහිර ස්කොට්ලන්තය වැනි උස් බිම්වල මුවන් හ¾දුන්වන්නේ සුරඟන ගවයන් ලෙසිනි. ඔවුන් විශ්වාස කරන අන්දමට ක¾දු මුදුනේදී සුරංගනාවන් උන්ගෙන් කිරි ‍ෙදාවයි.

උස් බිම්වල ඇති තවත් මතයක් වන්නේ ගෝනන්ගේ ශාඛා විහිද ගිය අං තට්ටුවලින් සරු බව සංකෙත්වත් වන බවය. සෑම වසරකම ඒවා වැටෙමින් වර්ධනය වන විට පුනර්ජීවනය සංකේතවත් වන බව ඔවුන් විශ්වාස කළ අතර අං සහිත දෙවියකු ගැන ඔවුන් විශ්වාස කළේය. ඒ දෙවියා සරු බවේ දෙවියන් ලෙස පිළිගත්තේය. එමෙන්ම  සතුන්ගේ දෙවියන් වූයේද ඔහුය. ගෝනා පිරිමින්ගේ සරු බවේද, වනාන්තරයේ සශ්‍රීක බවේද සොබා දහම අලුත්වීමේද සංකේතයයි.  

බොහෝ යුරෝපියානු ප්‍රවාදයන්හි මුවා වනගත දේවකතා සමඟ සම්බන්ධය. වනයට හා දඩයමට අධිපති සඳ දේවතාව වන ආටෙමිස් නම් ගී්‍රක දේවතාව මුවන් දඩයම් කරන්නියකි. අතිශය සුන්දරවූ ‍සදා නොඉ¾දුල් සුන්දරියක ලෙස දිවි ගෙවීමට සියස් පිය දේවතාවන්ගෙන් වරම් ලැබූ ආටෙමිස් එක් රාත්‍රියක සිනා සෙමින්, විනෝද වෙමින් වනයේ සැරි සැරුවාය. තරුණ දඩයම් කරුවකුවකු වූ ඇස්ටියොන් ඒ මිහිරි සිනා හඬට  වශී වී හඬ පැමිණි දෙසට ගොස් තිබෙයි. ඒ මොහොතේ ආටෙමිස් ස්නානය කරමින් සිටි අතර තරුණ දේවතාවගේ සුන්දරත්වයෙන් වශීකෘත වුණු තරුණයා සෙල් පිළිමයක් මෙන් නිසොල්මන් විය. ආටෙමස්ගේ ආරක්ෂක ආත්ම වහාම දේවතාව ආවරණය කර ගන්නා ලදී. කෝපයට පත් ආටෙමස් දේවතාව ජලයට ඇඟිලි දමා රිදී පැහැති ජල බි¾දු කිහිපයක් වශී වී සිටින තරුණයාගේ මුහුණට විසි කළේය. සැණකින් තරුණයා මුවකු බවට පත් විය. තරුණයා සමඟ පැමිණි දඩයම් බල්ලන්ට හාම්පුතාව හ¾දුනා ගැනීමට නොහැකිවූ අතර  මුවා බවට පත්වූ හාම්පුතා මියෙන තුරුම කා දැමීය. ආටෙමස් දේවතාව ස්නානය කරන දර්ශනය මිහිපිට කිසිදු මනුෂ්‍යයකුට දැකිය නොහැක්කකි. එසේ කළහොත් ඇස්ටියොන්ට අත්වූ ඉරණමට මුහුණ පෑමට සිදු වන්නේය. ප්‍රබන්ධ කතාවක් වුවද අදටද එය අසන බොහෝදෙනකුගේ ලොමු ඩැහැ ගැන්වෙන්නේය. ආටෙමස් දේවතාව සම්බන්ධ තවත් පුවතක්ද තිබෙයි. ඒ පුරාවෘත්තයට අනුව ගී්‍රක නායක අගමෙම්නොන් ට්‍රෝයි බලා නෞකා දියත් කිරීමට සූදානම් වන විට අත්වැරැදීමකින් පූජනීය මුවකු මරා දැමිණි. මෙයින් කෝපයට පත් ආටෙමස් දේවතාව ඔහුගේ නෞකා ගමන කුණාටුවක් මවා ව්‍යර්ථ කළාය. එවිට  ඇයගේ දඬුවමින් මිදීමට අගමෙම්නොන්ට දියණිය බිලි දීමට සිදු විය.

උතුරු සයිබීරියාවේ විශ්වාසයන්ට අනුව ආක්ටික් පෙදෙසට වසරේ මාස හයක් පුරාම හිරු පායන්නේ නැත්තේ දිව්‍යමය පිනිමුවා හිරු සොරකම් කිරීමට යෑමේ හේතුවෙනි.

අයිරිෂ් පුරාවෘත්තයකට අනුව සරුබවේ සහ ගවයන්ගේ දේවතාව වූ ෆ්ලිඩයස් ගමන් ගන්නේ මුවන් විසින් පදවාගෙන යන කරත්තයකිනි.

සුදු මුවන් හෙවත් ධවල මුවන් ගැන ප්‍රබන්ධ කතා බොහොමයක් ආසියාවෙන්, යුරෝපයෙන්, අමෙරිකානු ස්වදේශිකයන්ගෙන් වාර්තා වෙයි. යුරෝපයේත් බටහිර ස්කොට්ලන්තය වැනි උස් බිම්වලත් සුදු මුවා සැලකුවේ අසිරිමත් සතකු           ලෙසය. ස්වදේශික අමෙරිකානුවන් සුදු මුවන් දෙදෙ‍නකු එකට දකින්න ලැබුණොත් ලොවටම සිය ඥානයෙන් මඟ පෙන්විය හැකි බවට විශ්වාස කළේය. 

ජපානයේ කමකුරාහි පිහිටි එන්කාගුජි සෙන් බෞද්ධ පාසල් ශාඛාව විවෘත කෙරු‍ණේ 1282දීය. විවෘත කළ දිනයේදී දිව්‍යමය සුදු මුවෙක් ගුහාවෙන් පිටතට පැමිණ දහම් ඇසූ බව වාර්තා වෙයි. සුදු මුවන් ගැන ඇති කතා සියල්ල ප්‍රබන්ධවලට සීමා කළ නොහැකි බව 2009 වසරේදී ඔප්පු විය. බි්‍රතාන්‍යයට සුදු මුවන්ගේ කතා අලුත් නැත. ආතර් රජු හා ඔහුගේ දේවිය නානියා සුදු මුවකු දැක එළවාගෙන ගොස් ඇති අතර අවසන ඔවුන් වනයේ අතරමං වී තිබෙයි. 2009දී ආධුනික ඡායාරූප ශිල්පියකුවූ කෙන්ගේ කැමරා ඇසට රාජකීය වටිනාකමක් ඇතැයි සැලකෙන ධවල මුවකුගේ රුව හසුවී ඇත. ඔහු එය වාසනාවන්ත අත්දැකීමක් ලෙස සලකයි. ඔහු ඒ ඡායාරූපය සමාජ වෙබ් අඩවි හරහා හැකි තරම් බෙදා ගත්තේ එවැනි දුලබ මුවකු සියැසින් දැකීමේ වාසනාව බොහෝ දෙනකුට හිමි නොවන බැවිනි. එහෙත් සතාගේ ආරක්ෂාව වෙනුවෙන් උෟ සිටින තැන රහසක් ලෙස තබා ගත්තේය. 2007දී සුදු ගෝනකු උගුල් අටවන්නන් විසින් වෙඩි තබා මරා දමා තිබිණි.  රාත්තල් 300ක් පමණ බරවූ ඒ සතාගේ අං දඩයක්කරුවන් ඉතා ඉහළ මිලකට අලෙවි කරන්නට ඇත. 

ඩෙවොන් හා කෝන්වෙල් අතර ජීවත් වූ ඒ සුදු ගෝනා ප්‍රදේශවාසීන් හැඳින්වූයේ ස්නෝවි නමිනි. ධවල මුවන් මැරීම සාප ගෙන දෙන ක්‍රියාවක් බව බි්‍රතාන්‍යයේද පිළිගැනීමයි. ස්කොට් පුරාවෘතයකට අනුව 1128දී ස්කොට්ලන්තයේ 1 වැනි ඩේවිඩ් රජු ආගමික උපදේශකයන්ගේ අවවාද නොතකා උත්සව දිනක දඩයමේ ගොස් ඇත. දඩයමේ යන විට ඔහු දැවැන්ත සුදු ගෝනකු දුටුවේය. ඔහු අසු පිටින් ගෝනා හඹාගෙන යන විට අශ්වයා රජු බිමට වීසි කළේය. සුදු ගෝනා රජු මැරීමට සූදානම් වන විට රජු සමඟ සිටි පුතු මැල්කම් සහ සාන්ත මාගරට් දෙවියන්ගෙන් රජුගේ ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලීය.  ගෝනා  රජුට ඇනීමට සූදානම් වන විට  අං දෙක කතිරයක් මෙන් ළං විය. හිස එසවූ ධවල ගෝනා අතුරුදන් විණි. රජු ඒ ස්ථානයේ දේවාස්ථානයක් ඉදි කළේය. අදටද හෝලිරූඩ්හි එහි නටබුන් දැකිය හැකිය. ධවල මුවකු / ධවල ගෝනකුට සියලු පැතුම් ඉටුකරගත හැකි බවට මතයක් පවතියි.

හින්දු පුරාවෘත්තයකට අනුව සරස්වතී දේවියට රතු මුවකු ලෙස පෙනී සිටිය හැකිය. හින්දු දහමේ මිනිසා ඇතුළු සියලු සතුන්ගේ වනාන්තරයේ අධිපතිකම දරන්නේ මුවාය.

මහාභාරතයද ලෝ ප්‍රකට හින්දු මිථ්‍යා ප්‍රබන්ධයකි. මහාභාරතයට අනුව ඍෂි කින්දමා පිරිමි මුවකුගේ වෙස් ගෙන ඇත.  මුව වෙස් ගත් කින්දමා සහ මුව දෙනගේ වෙස් ගත්  බිරිය සමඟ දිනක් ප්‍රේමාලිංගනයේ යෙදෙන විට මුවන් යුවළක් කියා වරදවා වටහා ගත් දඬයමේ ගිය හස්තිනාපුර පාණ්ඩු රජු ඊතල විද තිබෙනවා දෙදෙනාටම ඊතලවලින් දරුණු ලෙස තුවාල වූ අතර මුව වෙසින් සිටියදීම කින්දමා රජුටද තමන්ට සිදුවූ දෙයම විය යුතු බවට සාප කළේය.    

ජපානයේ ෂින්තෝ ආගමේ මුවා දේව දූතයකු ලෙස සලකයි.  නාරා ප්‍රාන්තයේ කසූගා පූජනීය ස්ථානයට කෂීමා පූජාස්ථානයෙන් සුදු මුවකු දිව්‍ය පණිවුඩයක් රැගෙන පැමිණි බව පැවසෙයි. ජපානයේ නාරා නගරයේ සංකේතය වී ඇත්තේද ධවල මුවාය. ඊසාන දිග ජපානයේ විවිධ ප්‍රදේශවල ශිෂි – ඔ‍ෙදා්රි නමින් හ¾දුන්වන මුව නැටුම්  පැවැත්වෙන අතර එසේ කරන්නේ සාම්ප්‍රදායික ෂින්තෝ චාරිතමයක් වාර්ෂිකව ඉටු කිරීමක් වශයෙනි. 

සුදු මුවා සුබ ලකුණක් වුවත් චීනයේ  අං තට්ටු දෙකක් වෙනුවට හතරක් ඇති ෆුෂු නම් ධවල මුවා දුටු විට ගංවතුරක් ඇතිවීම ස්ථිර  බවට විශ්වාසයක් පවතියි.

කුර්දිස්තාන්හි මිථ්‍යා ප්‍රබන්ධයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් එරට මුවකු වී ඉපදීම නම් වාසනාවට සිදුවන්නකි. අතීත පුරාවෘත්තවල මුවා සංකේතයක් වන අතර තවමත් කුර්දිෂ් ජනතාව මුවකු මැරීම අවාසනාව කැන්දන බවට විශ්වාස කරයි. ඔවුන් විශ්වාස කරන අන්දමට මුවා දෙවියන්ට අයිති ශුද්ධ වස්තුවකි. ඔවුන්ගේ ජාතික සංකේතය වන්නේද මුවාය. කුර්දිස්තාන් කලාපීය රජය මුවන් දඩයම් කිරීම, මරා දැමීම තහනම් කර තිබෙයි.

මුව කාන්තාව (Deer Woman) ස්වදේශික අමෙරිකානු ජාතිකයන් අතර ජනප්‍රිය පුරාවෘත්ත භූමිකාවකි. තරුණ පියකරු මුව පාද ඇති හෝ මුවකු ලෙස පෙනී සිටින ඇය ආදරයත් සරු බවත් සමඟ සම්බන්ධ බවට විශ්වාසයක් පවතියි. කාන්තාවන්ට පිරිමි හිංසා කරන විට මුව කාන්තාවගේ ආත්මය දරුණු ලෙස ක්‍රියාත්මක වෙයි. අමෙරිකානු ස්වදේශික ගෝත්‍ර ගණනාවකින්ම දෙසවන් පිරෙන්න මුව කාන්තාවගේ කතා අසන්නට ලැබෙයි. මුඛ පරම්පරාවෙන් ඒ කතා පරපුරෙන් පරපුරට දායාද වෙයි.

මන්තර මඟින් මුව කාන්තාව පලවා හැරිය හැකි බව ඔජිබ්වේ ගෝත්‍රිකයන් විශ්වාස කරන අතර ඇය දැකීම කෙනකුගේ ජීවිතයේ වෙනසක් සිදුවන විට හෝ අනතුරු ඇඟවීමක් ලෙස සිදුවන බවට රාවයක් පවතියි. මුව කාන්තාව නර්තනයට කැමැති අතර ඇය නොපෙනී යන්නේ බෙර හඬ නතර වූ පසුව බව ගෝත්‍රිකයෝ පවසති.

බ්‍රසීලයානුවන්  සතුන් රැක ගැනීමට ඉදිරිපත්වන රතු ඇස් ඇති සුදු මුවකු ලෙසින් පෙනී සිටින ආහන්ගා නම් ආත්මයක් ගැන විශ්වාස කරයි. 

පිනි මුවා සහ නත්තල් සීයා නැති නත්තලක්  නොමැත.  රතු නාසයක් ඇති රුඩොල්ෆ් පිනි  මුවාගේ පිට නැඟී යන නත්තල් සීයා දකින්න ලැබෙන්නේ 19 වැනි සියවසෙන් පසුය. ඒ දක්වා නත්තල් සීයා ගමන් කළේ තුරු මතිනි. කර්තෘ  අඥාත කවියක, මුලින්ම නව වසරේ තෑග්ග නම් කවියක එක් පේළියක පිනි මුවකු මත නැඟී යන නත්තල් සීයා ගැන සඳහනක් තිබිණි. ඒ කවිය ලියා දෙවසරකට පසු නත්තලට පෙර රැය නමින් මහාචාර්ය ක්ලෙමන්ට් ක්ලාක් මුවර් පිනි මුවන් මත යන නත්තල් සීයා කෙනකු ගැන කවියක්  ලිව්වේය. පසුව  දියණියන් සතුටු කිරීමට කතාවක් ලෙසින්ද එය  ලිවීය. එහෙත් කර්තෘ භාවය සඟවා ගත්තේ පිනි මුවන් අටදෙනකු පිට යන නත්තල් සීයා කෙනකු ගැන සිතිවිල්ල සමච්චලයට, හාස්‍යයට ලක්වේ යැයි සිතාය. එහෙත් කවිය අතිශයින් ජනප්‍රි විය. එපමණක් නොව පිනි මුවන් පිට නැඟී නත්තල් සීයා යථාර්ථයක් බවට පත් විය.

බලය සඳහා පූටින්ගේ  මුව ලේ නෑම

රුසියාවේ මුවන් ගැන ඇති මිථ්‍යාව මතය උන්ගේ ජීවිතය අවදානමට හෙළා ඇත. පූටින් මෙන්ම බොහෝ රුසියානුවන් සයිබීරියානු        මුවන්ගේ රුධිරය ස්නානය කරන්නේ එමඟින් ශක්තිය ලබා ගැනීමටත් වයස්ගත වීම පාලනය කර ගැනීමටත්ය. සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්නන් පවසන්නේ මෙය මිනී මස් කන ගෝත්‍රිකයන්ගේ ක්‍රියාවක් හා සමාන බවය. මේ මිථ්‍යා මතයේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැත. පූටින් යනු පිළිකා රෝගියෙකි. ඔහුට මුව ආත්මවල සාපය වැදුණාට සැකයක් නැත. එපමණක් රතු මුවන්ගේ මුව අං ගොවීන් කියත් මඟින් ඉරි විකිණීම නිසාද ඔවුන්ගේ ගහනය අඩුවෙමින් පවතියි.

රතු මුවන්ගේ ‍රුධිරය නෑමෙන් වයසත්, ශක්තියත් රැකෙන බව විශ්වාස කරන චීනුන් හා දකුණු කොරියානුවන්ද  රුසියාවේ මුව රුධිර නිෂ්පාදන මිලදී ගනියි.

නූතනයේ ප්‍රබන්ධයක් නොවන සත්‍යය

කඟවේනා මන–කල්පිත සතෙකි. අඹපු සිරුරක් ඇති හිස මැද අඟක් ඇති කඟවේනාට නව අර්ථකථනයක් දුන් මුවකු ගැන වාර්තා වූයේ 21 වැනි සියවසේ රෝමයෙනි. 2008 වසරේ රෝමයේ වන සංරක්ෂිතයකින් හිස මැද අඟක් ඇති මුවකු බිහිවී තිබෙයි.  ඡායාරූප         නොතිබුණා නම් මේ සතාද ප්‍රබන්ධයක සත්ත්ව චරිතයක් වීමට ඉඩ තිබිණි. වසරක් වයසැති මේ සතාට දී ඇත්තේ ද කඟවේනා (යුනිකෝන්) නම් නාමයයි.  මෙවැනි මුවකු ගැන වාර්තා වී ඇත්තේ ප්‍රථම වරටය.

මුවාගේ ප්‍රබන්ධ කතා සිනමාවටත් නැඟෙයි

2017 තිරගතවූ The Killing of a Sacred Deer මනෝමය භීහත්ස්‍ය රසය ගෙන දෙන සිනමා පටයට පාදක වූයේ පුරාණ ගී්‍රක පුරාවෘත්තයකි. ඒ පුරාවෘත්තය ක්‍රි.පූ. 408 දී  Iphigenia in Aulis නම් වේදිකා නාට්‍යයක් ලෙසින්ද ලියැවුණකි. ට්‍රෝජන් යුද්ධය පවතින කාලයේ  අගමෙම්නොන්ට ආටිමිස්ගෙන් පැනවුණු දඬුවම වේදිකා නාට්‍යයට මෙන්ම සිනමා පටයටද දායක විය.  

සුරඟන කතා කරළියේත් ජනප්‍රියයි

ප්‍රංශයේ The White Doe, ස්කොට්ලන්තයේ The Enchanted Deer පර්සියාවේ What the Rose did to the Cypress ජර්මනියානු ඕපධබඩඥප චදඤ ඉඪඵබඥප, රොමේනියාවේ The Golden Stag ඉතාලියානු The Dancing Water, the Singing Apple, and the Speaking Bird, ඉන්දියාවේ The Son of Seven Queens සහ The Deer without a Heart මුවා ඇසුරින් ලියැවුණු ලොව ජනප්‍රියම සුරඟන කතා එකතුවකි. ඊසොප්ගේ උපමා කතාවලද මුවා ප්‍රධාන සත්ත්ව චරිතයකි. 

සමූහවාසී සතුන් අතර අං තට්ටු ඇති සතුන් සිටින්නේ මුවන් අතර පමණි. එපමණක් නොව ලොව වේගයෙන්ම වැඩෙන ජීව පටකවලට හිමිකම් කියන්නේද මුවන්ය.  ලොව පුරා මුවන් විශේෂ 60කට වැඩි ගණනක් සිටියි. මුවාට අඩි 10ක් උස පැනීමට හැකි අතර උන් ඉතා දක්ෂ පිහිනුම්කරුවන්ය. දහවලට පමණක් නොව රාත්‍රියටද මුවන්ට කදිමට දෑස් පෙනෙයි.  මෙවැනි සුවිශේෂීතා ගණනාවකට හිමිකම් කියන මුවන් ගැන රට රටවල ප්‍රබන්ධ කතා සම්භාරයක් ගෙතී තිබීම පුදුමයක් නොවෙයි. මුවා ගැන ඇති මිථ්‍යාවන් ඉතිහාසයෙන් මුවා කළ නොහැක්කේ එබැවිනි.

අප්‍රිකානු ගෝත්‍ර අතර මුවා පූජනීය සතෙකි. ගෝත්‍ර කණ්ඩායමේ එකමුතු බව මුවන්ගෙන් සංකේතවත් වන බවට ඔවුන් විශ්වාස කරයි. අප්‍රිකානු ගෝත්‍රිකයන් පූජනීය ලෙසින් සලකන සතුන්ගේ පවා මාංස අනුභව කරන අතර මුවන් දඩයමේද යෙදෙයි. අතීතයේදී අස්වනු නෙළන කාලයේ රජුට මුවන්ගේ ආත්මය පූජා කරයි.   පිරිසක් වනයට ගොස් උස් හඬ නඟා මුවන් පලවා හරිති.

බටහිර අප්‍රිකාවේ සියරා ලියෝන්හි කෝනෝ වැනි සමහර අප්‍රිකානු ගෝත්‍රිකයන්ට මුව මස් ඇල්ලීම පවා තහනම්ය.

අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ