ඉන්දියානු ඉසිවරු අනුදැන වදාළ පුරාණ වෛද්‍ය ක්‍රමයෙන් “පොතුකබර” සුව කරන අයුරු

0
41

 “පොතුකබර” රෝගය කවදාවත්ම සුව කරන්න බැහැ” කියන මතය තමයි බොහෝ දෙනා අතර තියෙන්නේ. එහෙත් එය නිට්ටාවටම සුව කළ හැකි වෛද්‍ය ශාස්ත්‍රයක් මේ ලක් පොළොවේ තිබෙන බව බොහෝ අය දන්නේ නැහැ. ඒ නිසා මේ රෝගයට විවිධ ප්‍රතිකාර අරන් සුව නොවූ අය ඉතාමත්ම අසරණව ජීවත්වීම සත්‍යයක්.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් සුවපත් නොවුණු රෝගීන් සිටීම තවත් ප්‍රශ්නයක්. එනිසාම මෙම රෝගය සුව කරන දැනුමැති වෛද්‍යවරයකු පිළිබඳ තොරතුරු සොයා ගියා. පරම්පරා ගණනාවක ශාස්ත්‍රීය දැනුම අරන් ආපු පරපුරක රෝගීන් රැසක් සුවපත් කළ චර්ම රෝග විශේෂ වෛද්‍ය එච්.ඒ.ඒ. හපුගස්පිටිය වෙද මහතා රෝගය සුවපත් කිරීම ගැන පැවැසුවේ මෙවැන්නක්.

“රෝගියා පරීක්ෂා කළ පසු රෝග නිදානය ඇතිවූ ආකාරය පිළිබඳ අපට මූලිකම අවබෝධයක් ඇතිවෙනවා. ඒ නිසා ප්‍රතිකාර කරන්නට පෙර රෝග පරීක්ෂාව අවශ්‍යයි. එහෙම නොකළොත් ප්‍රතිකාර අහන්නේ නෑ. ඇරත් මේ සඳහා කළ යුතු වෙදකම මහත් ඉවසීමෙන් හා ප්‍රවේශමෙන් කළ යුත්තක්. අප දෙන උපදෙස් අනුවම රෝගියා ඒ සඳහා ඇවතුම් පැවැතුම් පිළිවෙත් අනුගමනය කළ යුතුයි. එය හොඳින්ම වැටහෙන්නේ අප වෙත ආ දහසක් රෝගීන් පරික්ෂාවෙන් ප්‍රතිකාරයෙන් ලබාගත් අත්දැකීම් නිසයි”

ඇත්තෙන්ම මේ කියන පොතුකබර රෝගය ඇතිවෙන්නේ කොහොමද යන්නත් වෙද මහතා පැහැදිලි කළා. ඒ මෙහෙමයි.

“ගොඩාක් දෙනාට තම තමන්ගෙ මවුපියන්ගෙන් ආ ජානමය බලපෑම් නිසාම රෝගය ඇති වී තිබෙනවා. නමුත් එම තත්ත්වය සියයට පනහක් තරම් පමණයි.

තවත් සමහර අයට වෙලා තියෙන්නේ වසක්, විසක් ශරීරය තුළට කැවිලා තිබිලා, ඒක කාලයක් ගියාම මතුවීම නිසා ඇති තත්ත්වයක්. වයස් ගතවූ බෙහෝ රෝගීන් අපවෙත ඇවිත් ප්‍රතිකාර අරන් සුව වී තිබෙනවා. ඒ අයගෙනුත් පෙනුණේ එවැනි තත්ත්වයක්. ඒකට වෛද්‍යවරයාගේ නිවැරදි පරික්ෂාවත්, අවධානයත් අත්‍යවශ්‍යයි. තවත් බොහෝ අය කාලයක් විවිධ රෝගවලට බෙහෙත් බීපු අය. ඒ නිසාම රෝගයට ගොදුරු වූ අයත් බොහෝමයි. ඒ අයට තිබුණේ ජානමය හේතු නිසා රෝගය ඇතිවුණු තත්ත්වයක් නොවෙයි.”

තරුණ දරුවන්ටත් මේ රෝගය වැලඳී තිබීම ප්‍රශ්නයක්. අප ඒ ගැනත් වෙද මහතාගෙන් විමසුවා. එතුමා කීවේ මෙවැන්නක්.

“පරික්ෂාවේදී දැකගන්න ලැබුණු වැදගත්ම දේ තමයි බොහෝ තරුණ දරුවන්ට පොතුකබර රෝගය වැලඳී තිබුණේ මවුපියන්ගේ ආරේ ජානමය හේතු නිසයි.”

කොහොමද මේ රෝගය මතු වෙන්නේ යන්නද අපට පැහැදිලි කර දුන් වෙද මහතා,

“සමෙහි සෛල විභජනයට ලක්වෙමින් තිබිලා දවස් 30කින් විතර සම මතු පිටට මැරිච්ච සෛල විදිහට මතුවෙන්න පටන් ගන්නවා. ඒවා කෙමෙන් කුඩු විදිහට ගැලවිලා යන්න ගන්නවා. ඉන්පසු විශාල වශයෙන් පොතු ගැලවිලා යන්න ගන්නවා. ඒ තත්ත්වය මතු වුණු වහාම ප්‍රතිකාර ගත යුතුමයි. එහෙම කළොත් ප්‍රතිකාර කිරීමත් පහසුයි. එවැනි තත්ත්වයකදී රෝගියාගේ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ දැනෙනවා. සීතල වෙලාවක් පරිසරයේ තිබුණත් ශරීරය වඩාත් උණුසුම් බව දැනෙනවා. බොහෝ අය ඒක නිතර අපට ඇවිත් කියන දෙයක්. දහදියත් දාන්න ගන්නවා. ශරීරයේ කැල්සියම් උෟනතාව ඇතිවෙලා රෝගය තව තවත් උත්සන්න වෙන්නට පෙර වහාම රෝගියාට ප්‍රතිකාර කළ යුතුයි. ඇතැම් රෝගීන්ගේ නරකම දේ තමයි නියපොතු නරක් වෙලා, අමුතු පාටක් ඇවිත්, කොන්ද, දණහිස, වැළමිට, විළුඹ ආශ්‍රිත ප්‍රදේශ සන්ධි ඉදිමී තිබීමයි. ඒක හොඳ තත්ත්වයක් නම් නොවෙයි.”

රෝගය නිට්ටාවටම සුවකළ හැකි ආකාරයත් වෙද මහතා ප්‍රකාශ කළා.

අපේ වෛද්‍ය ප්‍රතිකාර හා වෙදකම භාවිත කරන්නේ ඉන්දියානු යෝගීන් ඇසුරෙන් පෙරා ගත් දැනුමක් පරම්පරාගතව ගෙනාපු නිසයි. අත්දැකීම් සමුදායක් නිසයි. එම ප්‍රතිකාර අනුව ඉතා කෙටි කාලයකින් රෝගියාගේ ඇවැතුම් පැවැතුම්ද නිසිලෙස ඉටුවීමෙන් රෝගය සුව වෙනවා. මේ සඳහා පුරාණ රහස් වෙද වට්ටෝරු රැසක් අප භාවිත කරනවා. ඇතැම් ඔසු ඉන්දියාවේ පවා ඉතා දුර්ලභයි. ඉන්දියානු යෝගීන් අනුමත කළ එම ඔසු රෝගියාගේ රෝග තත්ත්වය මත වෙනස් ලෙස ඒ ඒ තත්ත්වයන්ට ගළපා ගෙන යොදා ගන්නවා.

ඇතැම් රෝගීන්ට මාසයක් යද්දි හොඳටම සුව වෙන්න ගන්නවා. ඒ ආරම්භය හොඳ වුණාම දිගින් දිගටම ප්‍රතිකාර කළොත් අල්ලනවා. අත් නොහැර හරි පැවැතුම් ඇතිව කළොත් එය ඉතාමත් සාර්ථකයි. පොතුකබර රෝගය මුළුමනින්ම නිට්ටාවටම සුව වෙනවා. ඒ තමයි ඉපැරැණි රහස් වෙදකම්වල මහිමය”

විජිත කේ. පතිරණ

වෛද්‍ය 

එච්.ඒ. හපුගස්පිටිය

චර්ම රෝග විශේෂ

055 5075285

077-9117602