BREAKING NEWS: රනිල්ගේ අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

0
353

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්විණි.

අයවැයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබිණි.

ඡන්දය භාවිත නොකළ සංඛ්‍යාව 43කි.

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

ජාතික ජන බලවේගය විපක්ෂව ඡන්දය භාවිත කළේය.